සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක මෙහිදි හසන් මිරාස් සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු දෙකක් තුළ සියළුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 232ක් පමණි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here