දකුණු පළාතේ මාතර, ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කරන ලද
විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 450 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී 07.00 සිට රාත්‍රී 11 00 දක්වා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ
හමුදා, ගුවන් හා නාවික නිලධාරීන් 1500 පමණ පිරිසක් සම්බන්ධකරගෙන මෙම අපරාධ
වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් සිදු කරන ලද බව පොලිස් මුලස්ථානය පවසනවා.

මෙම මෙහෙයුමේදී මර්ග බාධක 207 යොදා පුද්ගලයින් 3288 දෙනෙක් හා වාහන 1365 ක්
පරික්ෂාවට ලක්කොට තිබෙනවා.

මෙහෙයුමේදී සැකකරුවන් 457 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර වරෙන්තු
කරුවන් 65 දෙනෙක් සිටින බව සඳහන්.

එමෙන්ම රථවාහන 77 ක් සහ යතුරු පැදි 28 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් නඩු 21 ක් , අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්
නඩු 26 ක් , ගංජා නඩු 28 ක් සහ නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් නඩු 57 ක්
ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මිට අමතරව රථවාහන නඩු 649 ක් ලබාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here