මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21ක් බිද රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු (22) දින අත්අඩංගුවට ගෙන (23) නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය නියෝග කළ බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  අර්.එස්.රාජසිංහ මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වත්ත බොරගස් ලිපිනයෙහි පදිංචි (අවුරුදු – 43) මුත්තුසාමි රගුනාදන් නොහොත් රවී නම් පුද්ගලයෙකු බවද එතම පැවසීය.

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය පොලිසිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්.රාජසිංහ මහතා මෙසේද කීය.

සැකකරු සමග සොරකම් කරන ලද රන් භාන්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන සෙන්තමිල් සෙල්වම් රොෂාන් (අවුරුදු : 32) සහ වඩිවේලු දිනේෂ් කුමාර් (අවුරුදු : 33 ) යන පුද්ගලයන් දෙදෙනෙකුද අධිකරණය වෙත ඉදිපත් කලා.

සෙන්තමිල් සෙල්වම් රොෂාන් යන පුද්ගලයා කෝවින් භාන්ඩ බව නොදැනුවත්ව සොරකම් කරන ලද රන් භාණ්ඩ මිදදී ගෙන ඇති නමුත් අවසානයේදී ලබාගත් භාන්ඩ නැවත පොලිසියට භාර දීමට හා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහයෝගය දැක්වූවා.

වඩිවේලු දිනෙෂ් කුමාර් යන අය හොරකම් කරන ලද රන් භාණ්ඩ අඩු වටිනාකමකට  මිලදී ගෙන ඇති බවට ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න  කිරීම්වලදී  අනාවරණය වී තිබෙනවා.

ප්‍රධාන සැකකරුගෙන් රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනාට ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කල අතර නොවැම්බර් 03 දින නඩු සඳහා පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වන මාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ත්‍යාගරාජා , පොලිස් සැරයන් 40422 ජයතිලක , පොලිස් සැරයන් 6043 වීරසිංහ , පොලිස් කොස්තාපල් 60326 හේරත් , පොලිස් කොස්තාපල්  38721 කුමාරසිංහ , කාන්තා පොලිස් කොස්තාපල්  12991 පූර්ණිමා ඇතුළු කණ්ඩායම කටයුතු කරා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අතිශයින්ම සූක්ෂම ක්‍රමවේදයක් භාවිතා කල අතර තවත් එවැනිම සුරකම් සිද්ධීන් කීපයක සැකකරුවන් සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බැවින් එම සූක්ෂම ක්‍රමවේදය පිළිබඳව අපට ප්‍රසිද්ධියේ සඳහන් කරන්නට බැහැ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් අප ප්‍රශ්න කිරීමේදි  ඔහු සිය පාපොච්චාරණයේදී සඳහන් කරේ අමුතුම කතාවක් ඒ තමයි  තමන් මත්ද්‍රව්‍ය පානය කරීමෙන් පසුව නිරන්තරයෙන් ම සිත් පහළ වන්නේ කෝවිලක් කඩා සොරකම් කිරීමට කියලා.

සැකකරු කියපු ඊළඟ විශේෂම දේ තමයි ඕනෑම කෝවිලක් කැඩා සොරකම් කිරීමට පෙර දෙවියන් වැඳ සමාව අයදිමින් අනතුරුව දේව ආභරණවලට සහ පිං කැටයට අත තබනවා.

වසරක කාලයක් ඇතුළත හින්දු කෝවිල් විසි එකක් කඩා ලබාගත් මුදල් ජීවත්වීම සඳහා උපයෝගී කර ගත් බවත් සොරකම් කරන ලද රන් ආභරණ නුවරඑළිය හැටන් හා තලවකැලේ ප්‍රදේශයන්හි රන් ආභරණ සකසන ස්ථාන වලට අලෙවි කළ බවත් පිළිගත් බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියි. 

සැකකරු විසින් රන් ආභරණ අලෙවි කළා යයි පවසන රන් ආභරණ සකසන වෙළඳසැල් හිමිකරුවන් ගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද රන් ආභරණ සැකකරු විසින් රන් ආභරණ සකසන ස්ථාන වලට අලෙවි කර ඇත්තේ තමන් වතුවලින් කැඩුණු බිඳුණ රන් ආභරණ එකතු කෙරෙන මුදලාලි කෙනෙකු බව පවසමිනි.

තවද හින්දු දේවස්ථාන වලින් සොරකම් කරන ලද රන් ආභරණ සියල්ලම රන් ආභරණ සකසන ස්ථානයන් වලට ගෙන දී ඇත්තේ සැකකරු විසින් ම තලා පොඩිකර එය වතු ප්‍රදේශ වලින් එකතු කරන ලද කැඩුණු තැලුණු රන් ආභරණ බව ඔප්පු කිරීමට හැකිවන පරිද්දෙනි.

අත්තඩංගුවට පත් සැකකරු තලවාකැලේ , රාගල , හයිෆොරස්ට් , ලිදුල , හැටන් , බගවන්තලාව , නානුඔය , උඩපුස්සැල්ලාව , වැලිමඩ , කැප්පෙටිපොළ , මාතලේ , ගම්පොළ සහ නාවලපිටිය යන පොලිස් බල ප්‍ප්‍රදේශවලට අයත් හින්දු කෝවිල් 21ක් කඩා සොරකම් සිදුකර ඇති අතර එකම කෝවිල දෙවතාවක් තුන්වතාවක් කඩා සොරකම් කල අවස්ථාවන්ද ඇති බව පොලිසිය කියයි.

කෝවිල් කඩා සොරකම් සිදු කිරීමට අමතරව සැකකරුට එරෙහිව දුරකථන සොරකම් කිරීම් , නිවස් බිද රන් භාන්ඩ හා මුදල් සොරකම් කිරීම් , මුදක් වංචා කිරීම් ඇතුළු විවිධ අපරාධ වලට අදාල නඩු  30ට ආසන්න ප්‍රමානයකට  හැටන් , වැලිමඩ , වලපනේ හා නුවරඑළිය යන අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සැකකරු අද (23) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී සොරකම් සිදුවුණු ප්‍රදේශයන් කිහිපයක් නියෝජනය කරන ප්‍රදේශවාසීන් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධතාවක් ද සංවිධානය කර තිබින.

එහිදී විරෝධතාකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත විශේෂ ඉල්ලීම් ලිපියක් නීතිඥවරයෙකු අඅරහා ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුට ඇප නොදී සිරගත කරන ලෙසත් ඇප ලබාදෙන කල සොරකම් සිදු වූ ප්‍රදේශවල මහජනතාව විසින් සැකකරුට පහර දීමට ඉඩකඩ ඇති බවයි.

එබැවින් මහජනතාව කුපිත වී කලහකාරී තත්වයක් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සැකකරුට නිඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසයි .

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here