ගල්ගමුව පාලුකඩවල පදිංචි ජේ දෙනුවන් කෞෂත වයස අවුරුදු 9 ක හුරබුහුටි දරු පැටියෙක්. නමුත් ඔහුට උපතින්ම ලැබුන හිසට වතුර පිරීමේ රෝගය නිසා තවමත් තනිවම ඇවිද ගැනීමට හෝ නොහැකිවයි පසුවන්නේ.
ආර්ථික මට්ටමෙන් ඉතා අපහසු තත්වයක පසුවන දෙනුවන්ගේ දෙමාපියන් දරුවාගේ රෝගී තත්වයට සුව කර ගැනීමට බෙහෙත් කිරීමට ගොස් කබලෙන් ලිපට වැටී තිබෙනවා.
කොතරම් කරදර බාධක හමුවේ වුවත් පුංචි දෙනුවන්ගේ දෙමාපියන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ගන්නේ දැඩි උත්සහයක්.
මේ වන විට දෙනුවන් 80% ක පමනපසුවයක් ලබා ඇති බව ඔහුගේ මව පවසන අතර වර්තමානයේ පවතින අධික බෙහෙත් මිල නිසා දරුවාට බෙහෙත් ලබා ගැනීමට නොහැක්ව දැඩි අපහසුතාවයක ලක්ව ඇත බැවින් උපකාරයක් කල හැකි කවුරුන් හෝ වේනම් සහයෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිට්යි.
ජේ රුවන් කුමාර ( දරුවාගේ පියා) – 0765410085