කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළා.