සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ, රජය නව නීති සම්පාදනය කරමින්,ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට පියවර ගන්නා බවයි.
ඒ, අනුව රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.