ශ්‍රි නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලට එම තනතුරේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන අද (08) මෙම නියෝගය නිකුත් කළේ නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ගොනු කළ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදීයි.

ලබන 22 වනදා දක්වා අදාළ වාරණ නියෝගය ක්‍රියාත්මක බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here