නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (09) දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් 9ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (09) පෙරවරු 09.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි  සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here