වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් ඇද වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 49 හැවිරිදි එක්දරු මවකි.

ඇගේ සැමියා ඊට පෙර දින යාපනය ප්‍රදේශයට පෞද්ගලික කටයුත්තක් සඳහා පිටව ගොස් තිබූ බව පොලිසිය පවසනවා.

සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවත් ඇය මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවත් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here