ඊයේ (09) සවස කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ පිළියන්දල, මඩපාත,ජබුරලිය ප්‍රදේශයේ පදිංචි දුලාංජලී අනුරුද්ධිකා නමැති 41 හැවිරිදි එක්දරු මවකි.

මියගිය කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක්ව ලෙස කටයුතු කර ඇති අතර මියගිය කාන්තාව රාජකාරිය නිමවී නිවස බලා යමින් සිටියදී එම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව ඝාතනය කළ බවට සැක කෙරෙන 45 හැවිරිදි පුද්ගලයා දිවයිනෙන් පිටවීමට උත්සාහ දැරීමේදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

සැකකරු වසර කිහිපයක් විදෙස් ගතව සිට දිවයිනට පැමිණි අයෙක් බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය උපදෙස් පරිදි පොලිස් අධිකාරී
එන්.ඩී.පී.තිලංග ,කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතා ඇතුළු උ.පො.ප.ඉසුරුවික්‍රමරත්න,පො.සැ.41445ලලිත්,84436ප්‍රියංකර,93789දිල්ෂාන්,93763අබේරත්න,97337ඒකනායක යන නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here