නිවසක බිත්තියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ පොලිස් වසමේ අක්කර 70 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක් දරු මවකි.
මේ අතර, ඇයගේ ස්වාමි පුරුෂයා(25) සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.