Hot News
DIGIECON 2030 සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න

ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
නොවැම්බර් 13 වැනිදා සිට සතියක් පුරා “Entrepreneurs Thrive Here” යන තේමාව යටතේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරනු ලබයි.
මෙම සතිය පුරා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්,පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාව හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කෙරේ.
ඒ අනුව ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ මෙරට හවුල්කරුවන් 60කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රියාන්විතයන් 100කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේද පැවසීය.
Startup Genome වාර්තාවට අනුව අපේ රටේ ස්ටාර්ට් අප් පද්ධතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 244ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
අපේ අරමුණ එය බිලියනයක් දක්වා වැඩි කිරීමයි. නව්‍ය ව්‍යවසායකත්වය නිසා අද අපේ රටේ තාක්ෂණය වෙනස් වී තිබෙනවා. අපි භාණ්ඩ මිල දී ගන්නා ආකාරය,
බිල්පත් ගෙවීම, ප්‍රවාහනය, බැංකු ගනුදෙනු සිදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල වෙනසක් ඇති වී තිබෙනවා. ස්මාර්ට් දුරකතනය තුළ ඇප් විශාල සංඛ්‍යාවක් අපි භාවිතා කරනවා.
ඩිජි-ඉකෝන් වැඩසටහන යටතේ අපේ ව්‍යවසායකයන් සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ අපේ රටේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමයි.
කර්මාන්ත අමාත්‍යාංශය සමඟ දිස්ත්‍රික්ක මට්ටමින් මෙම වැඩසටහන ව්‍යාප්ත කරමින් පවතිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වී අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වී ඔබේ යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන විශේෂයෙන් තරුණ තරුණියන්ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටිනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය,
කර්මාන්ත අමාත්‍යාංශය රටේ තරුණ පරපුර ඉලක්ක කර ගෙන ඔවුන් මේ සංකල්පය සමඟ ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් ඉලක්ක කර තිබෙන්නේ ඉසෙඩ් ජෙනරේෂන් හි තරුණ කණ්ඩායමයි. 2030 වන විට කාන්තා හා තරුණ ව්‍යවසාය දායකත්වය රටේ ආර්ථිකය තුළ 25% දක්වා වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ගෝලීය ව්‍යවසායකත්ව ජාලයේ (GEN) ජාතික තානාපති සුරේෂ් ද මැල්, මාස්ටර් කාඩ් ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ මහේෂා අමරසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සහ ගෝලීය ව්‍යවසායකත්ව සතියේ (GEW) තානාපති සචින්ද්‍ර සමරරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World13 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්