

Politics
IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය,
මෙවර ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවකින් තොරව කඩා වැටුණ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ දිගුකාලීන වැඩපිළිවෙළක තවත් ආරම්භයක් සනිටුහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති මේ අයවැයේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඇතැමුන් එය මැතිවරණ අයවැයක් ලෙස හඳුන්වනවා. නමුත් මෙය එවැනි මැතිවරණ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවෙයි.
එය මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් නම් සංවර්ධනයට අදාළ යෝජනා හා ප්‍රතිපත්ති සියල්ල අමතක කර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු අසීරු තීන්දු තීරණ නොගෙන සිටීමට තිබුණා. ඒ වගේම මුදල් මුද්‍රණය කර හෝ සාමාන්‍ය ජනතාවට තවත් සහන සැලසීමට ඉඩ තිබුණා.
පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධතා හේතුවෙන් රටේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය නැති වී ගොස් තිබුණා. දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයක් නැති රටකට මූල්‍ය ආධාර, ණය පහසුකම්, ආයෝජන ලැබෙන්නේ නැහැ. මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට පැවති පාලනය අසමත් වුණා. එම තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම භාරගැනීමට විරුද්ධ පක්ෂයට ආරධනා කළත් ඔවුන් එය පිළිගත්තේ නැහැ.
ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ දුෂ්කර වගකීම භාර ගත්තේ. එතුමා තම ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කළා. තමන් ක්‍රියාත්මක කරන්නේ කෙටි කාලීන ජනප්‍රිය ව්‍යාපෘති නොව දීර්ඝ කාලීනව රට ගොඩනගන ව්‍යාපෘති බව ද ඔහු අවධාරණය කළා. මෙම ප්‍රතිපත්තිය සමඟින් ජාතිය ගොඩනැගීමේ ගමනේ ඉදිරියට යාමේදී ඉහත සඳහන් කළ පරිදි ජනතාවට ජනප්‍රිය සහන සැලසීමක් අපේක්ෂා කළ නොහැකියි. නමුත් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සමග ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයට බාධාවක් වූ විවිධ ප්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය පසුබිම අප මෙවර අයවැයෙන් නිර්මාණය කර තිබෙනවා.
2024 අයවැයෙන් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් අත්වී නැති බව ඇතැමුන් පවසනවා. නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වැඩිහිටි හා ආබාධිත දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රාදේශීය සංවර්ධනය, ඉඩම් අයිතිය සින්නක්කරව ජනතාවට ලබාදීම ඇතුළු විවිධ සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී තිබෙනවා. මේ සියල්ල ලබාදීමට රජයට ආදායමක් ද අවශ්‍යයි.
අප වියදම් කරන ප්‍රමාණය අනුව ආදායම ද ලැබිය යුතුයි. අය වැය කියා කියන්නේ එයයි. රජයන් බොහෝවිට මෙවැනි සහන ලබාදීමට වියදම් දරන්නේ ජනතාව වෙතින් එකතු කරගන්නා බදු ආදායමයි.
ඒ නිසා අප වියදම් සහ ආදයම් අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන ලබාදීමට නම් බදු අයකිරීම වැඩි කරන්න සිදුවෙනවා. මේ යාන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප 10,000 කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩිකරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා.
අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධී සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහා ගත යුතුයි.
ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන ලබාදීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. නමුත් බදු වැඩි කළත් ඊට එරෙහිව ද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසය වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම අදායම් එකතු කරගැනීමේ දී ගැටළු පවතින ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීම ද කළ යුතුව තිබෙනවා. ඒ අනුව රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින දූෂණ අවම කොට ඒවා රජයට විධිමත් ලෙස එකතු කර දෙන ආයතන බවට පත් කර ගත යුතුයි.
මේ වන විට රජය ආරම්භ කළ ආර්ථික වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අද වන විට මෙරට සංචිතවල ඩොලර් බිලියන 3.5ක් පවතින බව මහ බැංකුව පවසනවා.
Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?