ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර්ට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතවරිය සර්වත් ජහාන් සහ මානවී අබේවික්‍රම යන අය මෙම සාකච්ඡාවට සහභාගි වූ බවයි කියන්නේ.
මේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහභාගී වූ බවයි කියන්නේ.