Hot News

IMF නියෝජිතයින් පිරිසක් අනිද්දා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරි කණ්ඩායමක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

තුන්වන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට පැමිණ සාකච්ඡා කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ.

එහිදී ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version