ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 7.30ට චෙන්නායි හිදී ආරම්භ වනවා.
එහිදී තරග වදින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. අවසන් තරගයකට සුදුසුකම් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙය වන අතර, එහි හිමිකාරිනිය වන්නේ කලානිධි මාරන්. සුපිරි නළු ෂාරුක් ඛාන් කොල්කටා කණ්ඩායමේ හිමිකාරීත්වය දරනවා.