‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය.
ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ගොඩනැගිල්ල කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබෙනවා.
ගාලු මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.6ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක්.
එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.
එහි සුවිශේෂතාව වන්නේ, මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් ස්කයි බිරජ් හෙවත් අහස් පාළමකින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළමයි.
මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.
රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංග වලින් සමන්විත අලංකාර උත්සවශාලා 5කින්ද සමන්විතයි.