ජපානයේ පැවැත්වෙන “Seiko golden grand prix” මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනියා බවට පත් වීමට කාලිංග කුමාරගේ අද සමත් වුණා. ඒ එම ඉසව්ව 45.57කින් නිමාවට පත් කරමින්.

මෙම තරගය ජයගත් සාටෝ කෙනාටෝ අදාළ ඉසව්ව තත්පර 45.21කින් අවසන් කිරීමටයි සමත් වුණේ.

මීට පෙර කුමාර කාලිංග 11 වන කිමානි මිචිටාකා අනුස්මරණ මළල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනාගත්තා. එහි දී ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 45.92ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here