
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළා.
එතෙක් ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කරනු ලැබුවා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර අනතුරුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම සිදු කෙරේ.