
පුද්ගලික බස් රථයකින් බැසිමට ගොස් බස් රථයෙන් ඇදවැටුණු 68 හැවිරිදි සිවුදරු මවක් එම බසයේ පසුපස රෝදයට යටවිමෙන් අද (11) උදෑසන මරුමුවට පත්ව ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.
මාකදුර සිට කහවත්ත දක්වා ධාවනය කරමින් තිඹු පෞද්ගලික බස්රථය මාකදුර සිට කහවත්තට ධාවනය කරම්න් සිටියදි මාකඳුර පැපොල් ඇල්ල ප්රදේශයේදි මෙම අනතුර සිදුව තිබෙයි.
බස්රථයේ ගමන්ගත් කෝණාර මුදියන්සේලාගේ පුංචිමැණිකේ (68) සිවිදරුමව බස්රථයෙන් බැසීමට ගොස් බස්රථයෙන් ඇද වැටී පසුපස ටයරයට යටවී ඵම ස්ථානයේදිම මියගොස් ඇතැයි කහවත්ත මූලික රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබෙයි.
පුද්ගලික බසයේ රියදුරු සහ කොන්දොස්තර කහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථය පොලිසිය භාරයට ගෙන තිබේ.
මියගිය කාන්තාවගේ හදිසි මරණ පරික්ෂණ ය කහවත්ත හදිසි මරණ පරික්ෂක ආර් ඵස් ගොඩගේ මහතා විසින් සිදුකරනු ලබයි.
බස් රියදුරු පොලිසියට පවසා ඇත්තේ බස් රථය මාකදුර සිට කහවත්ත දෙසට ධාවනය කරද්දි මියගිය කාන්තාව බසයෙන් බහින තැන අමතකව හදිසියේම බසයෙන් නැගිට බසය නතර කිරිමට කලින් බසයෙන් බැසිම නිසා අනතුරු සිදුව ඇති බවයි
කහවත්ත පොලීසිය රථවාහන අංශ පරික්ෂණ පවත්වයි