
අල්ලස් කොමිසම මගින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම හිටපු අමාත්‍යවරයාට විදේශ ගමන් තහනමක් ද නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වහාම ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.