ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ (ගෞරව) උපාධි පාඨමාලාව හදාරන බුද්ධික ජීවන්ත විද්‍යාර්ථයා විසින් සිය අවසන් වසර ප්‍රජා ව්‍යාපෘතිය වශයෙන් මිනුවන්ගොඩ, කලවාන, බප/මිනු/ කලවාන සේනානායක කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය, Smart පුස්තකාලයක් ලෙස සංවර්ධණය කර ඇත. මෙහිදී පැරණි පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර, අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ නවීන Smart තිර සහ පරිගණක ඇතුළු නවීන පහසුකම්වලින් යුත් පුස්තකාලයක් විද්‍යාලයීය දරුවන්ට දායාද කිරීමට ඔහු සමත් වී ඇත. විද්‍යාලයීය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, Butterfly Foundation සහ ජාතික සමාජ සංවර්ධන ආයතනික ශිෂ්‍යයන් ඇතුළු පාර්ශව කිහිපයක ද්‍රව්‍යමය ආධාර, මූල්‍යාධාර සහ ශ්‍රම ශක්තියෙන් මෙම සමස්ත ව්‍යාපෘතිය සාර්ථකව නිමා කර ඇති අතර මෙම පුස්තකාලය අනාගතයේ සුවහසක් දරුවන්ගේ නෙත්, දැනුමෙන් පහන් කරනු ඇත.







