
මාමා විසින් ලේලියක කාලයක් තිස්සෙ අපයෝජනයට ලක් කොට පසුව ඝාතනය කිරීමේ සිද්ධියක් යාපනයේ කෝපායී ඉරුපාලෙයි ප්රදේශයෙන් වාර්තා වනවා. මවගේ බාල සහෝදරයෙකු සමග ඝාතනයට ලක්වු තරුණියගේ පවුලේ අය ජීවත්ව සිට අති අතර වයස අවුරුදු 23 ක් වයසැති ප්රදීප් නිවේතා නැමති දියණියව මාමා විසින් ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කොට ඇති බව හෙලිවනවා. පවුලේ අයට රහසක්ව වශයෙන් තබාගෙන මාමා විසින් ඇයව කාලයක් තිස්සේ අපයෝජනයට ලක් කොට අති අතර සිද්ධිය වූ දිනයේදී තරුණිය මාමා සමග ලිංගිකව එකතු වීම ප්රතික්ෂේප කිරීම නිසා ඉන් කෝපයට පත් මාමා ඇයට තල් පිත්තකින් පහර දී තිබෙනවා. මෙලෙස පහර කෑම හේතුවෙන් තරුණියට හුස්ම ගැනීමේ අපහසුවක් හටගෙන ඇති අතර ඇයට ඇදුම රෝගය වැළදී ඇති බව කියමින් ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. යාපනය ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයයේදී හෙළි වී ඇත්තේ තරුණියගේ සිරුරේ පහර දීමේ තුවාලවලට අමතරව කැපුම් තුවාලද ඇති බවයි. පසුව ඊයේ (11) දිනයේදි සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ මාමා සැකපිට අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළි වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.