Connect with us

Article

Starlink : ශ්‍රී ලංකාවට සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ කවදා ද ?

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවේ පහසුකම ලබා ගැනීම සඳහා මෙරට

පාරිභෝගිකයින්ට පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් උදාවී ඇති බව (මැයි මස 27 වෙනිදා) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමෙරිකානු ඩොලර් 9 ක මුදලකට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින්ට පෙර ඇණවුම් ලියාපදිංචිය කිරීමට අවස්ථාව ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර හමුවක් පසුගිය මැයි මස 19 වෙනිදා ඉන්දුනීසියාවේ දී පැවැත්වුණි.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථාන ගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියකි.

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට ස්ටාර්ලින්ක්, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරනු ලැබේ.

සරලව පැවසුවහොත්, ස්ටාර්ලින්ක් විසින් රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.

ෆයිබර් ඔප්ටික් කේබල් වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට යොමු විය හැක.

ඇමෙරිකාවේ ස්ථාපිත එලොන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කළේය.

තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ඉන්දුනීසියාවේ දුරස්ථ ප්‍රදේශ, දේශසීමා සහ දූපත් වල සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවකට අන්තර්ජාල ප්‍රවේශය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගීතාවයෙන් පැවැති සමාරම්භක උත්සවයට සමගාමීව ඊලෝන් මස්ක් ඉකුත්මැයි මස 19 වනදා බාලි හි ඩෙන්පසාර් හි ස්ටාර්ලින්ක් සේවාව දියත් කරනු ලැබීය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ඉන්දුනීසියානු සාමාන්‍ය වෙළඳපොළට ඇතුළුවීම සමාජ මාධ්‍ය ඇතුළු මහජනතාව අතර උණුසුම් සංවාදමය මාතෘකාවක් බවට පත්විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජන මතු නොවන පරිදි රජය සාධාරණ ව්‍යාපාරික වාතාවරණයක් ප්‍රවර්ධනය කළ යුතු අතර ස්ටාර් හි දත්ත ගමනාගමනය නිරීක්ෂණය කළ යුතු බව නිරීක්ෂකයෝ විශ්වාස කරති.

ජනපති – මස්ක් අතර හමුවේ සිදුවුයේ කුමක්ද ?

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්විණි.

එම සමුළුවට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් අතර හමුවක් මැයි මස 19 වෙනිදා සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි.

ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ද ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණය කෙරිණි.

මේ අතර පසුගියදා යාපනයේදී පැවති තරුණ සමුළුවේදී නගන ලද පැනයකට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙමින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව කරුණු අනාවරණය කරන ලදී.

එහිදී නගන ලද පැනයට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබා දෙන ලදී,

“මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා.”

“ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා.”

“අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා.”

“ඒ වගේම ”Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.”

“බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.” ජනාධිපතිවරයා කියා සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවයේ මිල ගණන් දැරීමට පුළුවන්ද ?

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි මිල ගණන් අනුව එය මෙරට පාරිභෝගිකයින්ට සේවාව ලබා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාර ගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ මාසිකව ගෙවන ගාස්තුවට අමතරව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය උපාංගයන් සඳහා වෙනම මුදලක් දැරිය යුතු බවයි.

“මේක ජාත්‍යන්තර සේවාවක්, ලංකාවට එන එක හොදයි. හැබැයි තවමත් මේක තියෙන්නේ රේගුයලේටරි ඇප්රුවල් පෙන්ඩින් එකේ.”

“එක්සත් ජාතීන්ගේ සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විදුලි සංදේශන සමාගම විසින් 2021 හෝ 2022 වසරේදී කරපු සමීක්ෂණයකට අනුව ලෝකයේ අඩුම අන්තර්ජාල සේවා පහසුකම් අවම මිලකට ලබා ගත හැකි රටක් හැටියට ලංකාව නම් කර තිබෙනවා.”

“මෙරට සාමාන්‍ය නිවසකට හෝ පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට මෙම සේවාව ලබා ගත හැකි වේවිදැයි යන ප්‍රශ්නය ගැන අපට හරියට කියන්න බැහැ.”

“කීදෙනෙකුට ඒ වෙනුවෙන් ලබා දෙන සේවාව වෙනුවෙන් මුදලක් දරන්න පුලුවන්ද කියන ගැටලුව තිබෙනවා.”

“මේකේ මාසික ගාස්තුවට අමතරව, යුනිට් කොස්ට් එක රුපියල් 80,000-90,000ක් වගේ වෙන්න පුළුවන්.”

“ලංකාවේ ස්ටාර්ලින්ක් ඔෆිස් එකක් නැති නිසා අපි දන්නේ නැහැ ඒ අය මේ යුනිට් එක පොස්ට් එකේ එව්වොත් කස්ටම් එකෙන් කොච්චර බදු මුදලක් අය කරයිද කියලා ඒකට.”

“ලංකාවේ සාමාන්‍ය අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයකට පාරිභෝගියෙකුට ගිහිල්ලා Wi-Fi සබඳතාවයක් ගන්න පුළුවන් පොඩි මුදලක් වියදම් කරලා. එතකොට තමන්ට අවශ්‍ය සේවාව මොකක්ද කියලා තීරණයක් ගන්න පාරිභෝගිකයාට අයිතිය තියෙනවා.”

“දකුණු ආසියාවේ රටවල්වල ජනතාව සේවා පහසුකම් ලබා ගැනීමේදී මිල සම්බන්ධයෙන් සංවේදී වෙනවා.”

“උදහරණයක් විදිහට ඉන්දුනීසියාවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේදී ඔවුන්ගේ ස්ථාවර මිලට වඩා ගාණක් අඩු කළා.” 

“මොකද ඉන්දුනීසියාවේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න සිටින පිරිස විශාලයි. ලෝකෙන්ම දෙවැනියට හෝ තුන්වැනියට ඉන්න විශාලම අන්ත්ජාල පාරිභෝගිකයින් පිරිස සතුවන්නේ ඉන්දුනීසියාවට.”

“නමුත් ලංකාවේ අන්තර්ජාල සේවාවන් ලබා ගන්නා පිරිස මිලියන 10ක් වගේ පිරිසක් නිසා ස්ටාර්ලින්ක් සේවාව සඳහා වන ස්ථාවර මිල ගණන් අඩු කරන්න පුලුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මතයි. ඒක කරන්නේ රජයෙන්.” ඔහු කියා සිටියේය.

ස්ටාර්ලින්ක් සේවාව හරහා දත්ත ආරක්ෂිතයි ද ?

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව හේතුවෙන් දත්ත ආරක්ෂාවට ගැටළු මතුවේද යන්න පිළිබඳව කතිකාවතක් ඉස්මතු වූ අතර ඒ පිලිබඳව ද බීබීසී සිංහල සේවය විසින් සයිබර් ආරක්ෂක විශේෂඥ අසේල වෛද්‍යලංකාර ගෙන් විමසුවිට ඔහු ඊට ලබා දුන්නනේ මෙවන් පිළිතුරකි.

“ස්ටාර්ලින්ක් අන්තර්ජාලය සමග සම්බන්ධවෙන්න පහසුකම් සපයන තවත් සේවාවක් විතරයි.”

“ස්ටාර්ලින්ක් එක සබඳතාවය ලබාදීමේදී සහ බිල්පත් අය කිරීමේදී පාරිභෝගිකයින්ගේ යම් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.”

“හොඳම උදාහරණය තමයි ස්ටාර්ලින්ක් එක පාවිච්චි කරනවා යුක්‍රේන්වල. රුසියාව තමන්ගේ බේසික් කමියුනිකේෂන් ඉන්ටර්සෙප් කරයි කියන බයට තමයි යුක්‍රේනය ස්ටාර්ලින්ක් පාවිච්චි කරන්නේ.”

“ඇත්තටම දත්ත ආරක්ෂාව සහ ඒවායේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.” ඔහු කියා සිටියේය.

මේ අතර මෙරට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසු ස්ථාන වලට ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් සේවාව ලබා ගැනීමේ හැකියාව පැවතීම වටිනා බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

“ලංකාවේ මුහුදු සීමාවේ අන්තර්ජාල පහසුකම් සීමාවෙන් ඔබ්බට ගියාම නාවුක හමුදාවේ යාත්‍රා වලට වගේම බහුදින ධීවර යාත්‍රා වලට මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම වැදගත් වනවා.”

“ඒ වගේම අන්තර්ජාල පහසුකම් ලබා දීමට නොහැකිව තිබෙන ග්‍රාමීය ස්ථාන වලට මෙම සේවාව හරහා ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ දියුණුව ගැන අවදානය යොමු කර තියෙනවා. ඒ නිසා සංචාරකයෙක් ලංකාවට එද්දී ඔහුගේ ස්ටාර්ලින්ක් උපාංගය ගෙන එනවනම් ගුවන් තොටුපොලේදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වගේම රේගුව කටයුතු කළ යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරලා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්.” සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය.

ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කොහොමද ?

ස්ටාර්ලින්ක් සේවාව ලංකාවට වැදගත් වන්නේ කෙසේදැයි බීබීසී සිංහල විසින් විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන ගෙන් විමසීමක් කළේය.

ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.”ඊලොන් මස්ක්ගේ Starlink සමාගම දැනටමත් ලෝකයේ රටවල් ගණනාවකට චන්ද්‍රිකා ජාලයක් හරහා ඉන්ටර්නෙට් සේවය ලබා දෙනවා.”

“ආසියා පැසිෆික් කලාපයේ මෙම සේවාව ලබන රටවල් වන්නේ ජපානය, මොන්ගෝලියාව, ෆිලිපීනය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. එයට අලුතෙන්ම එකතු වූයේ ඉන්දුනීසියාවයි. දකුණු ආසියාවේ අපේ අසල්වැසි කිසිඳු රටක් මේ දක්වා Starlink සේවාව දේශීය වශයෙන්ම අනුමත කොට නැහැ.”

“එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු සියලු දකුණු ආසියානු රටවල් මේ දිනවල නියාමන මට්ටමෙන් විමර්ශනය කරමින් සිටිනවා.”

“ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් (TRC) බලපත්‍ර ලබා ගෙන මෙරට තුළ ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම් කිහිපයක්ම (internet service providers, ISP) දැනට ක්‍රියාත්මකයි.”

“වෙළඳපොළ තරගකාරීත්වය නිසා ඔවුන් පාරිභෝගිකයන් අය කරන ගාස්තු යම් මට්ටමක පවතිනවා. එසේම එම ගාස්තු TRC නියාමනයට යටත්.”

“අලුත් සමාගමක් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට පෙර දැනට පවතින සමාගම්වලට වඩා වැඩි අගයක් ලබා දෙන්නේ කුමනාකාරයෙන්ද (value-addition) යන්න සීරුවෙන් තක්සේරු කළ බැලිය යුතුයි.”

“දේශීය බෙදා හැරීමේ ජාලයකින් තොරව, Starlink සමාගම සෘජුවම චන්ද්‍රිකා හරහා එන තරංග මාර්ගයෙන් ඉන්ටනෙට් සබඳතා ලබා දෙන විට එය දේශීය නියාමන රාමුවට නතු වීම තහවුරු කළ යුතුයි.”

“එමෙන්ම ප්‍රකාශ තන්තු (fibre optics) හෝ ජංගම දුරකථන කුළුණු හෝ හරහා භෞමිකව ඉන්ටනෙට් සේවා ලබා දෙන දැනට ක්‍රියාත්මක සමාගම්වලටත්, Starlink සමාගමටත් සමබිමක් (level playing field) ලබා දීම නියාමන කොමිසමේ වගකීමයි.”

“දැනට ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන්නන්ගෙන් බහුතරයක් එසේ කරන්නේ smartphones හරහායි.”

“Starlink සේවාවේ මුල් අදියරේදී සෘජුවම ජංගම දුරකථනවලට සේවාව ලබා ගත නොහැකි වුවත්, දෙවැනි අදියරේදී (2024 පටන්) එම හැකියාව විවෘත වී තිබෙනවා. එහෙත් දැනට මේ Starlink සේවය ක්‍රියාත්මක හැම රටකම පාහේ ඒ හරහා ඍජුවම ජංගම දුරකථනවලට ඉන්ටර්නෙට් ලබා ගැනීමට යන වියදම, ඒ වෙළඳපළවල ක්‍රියාත්මක වන භෞමික දුරකථන සමාගම් අය කරන ගාස්තුවලට වඩා සැලකිය යුතුයි මට්ටමින් වැඩියි.”

“භෞමිකව ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවා කිසිවක තරංග ආවරණය නොලබන පෙදෙස් ශ්‍රී ලංකාවේ තවමත් තිබෙනවා.”

“එවැනි ප්‍රදේශවලට පවතින සේවා ව්‍යාප්ත කිරීමට යන ප්‍රාග්ධන වියදම වැඩියි. එය වෙනුවට චන්ද්‍රිකා හරහා Starlink ජංගම දුරකථන සහ ඉන්ටර්නෙට් සේවා ලැබිය හැකි නම් හොඳයි. එහෙත් එම සේවා ගාස්තු අපේ පාරිභෝගිකයන්ට දරා ගත හැකි මට්ටමක තිබිය යුතුයි.” ඔහු කියා සිටියේය.

සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දීමේ නීති පද්ධතියක් ලංකාවේ නැහැ

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ශ්‍රී ලංකාවට සිය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය කුමක්දැයි බීබීසී සිංහල විසින් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් ගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වැනි චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීමට අවශ්‍ය කටයුතු ගැන උපදෙස් ලබා ගනිමින් සිටින බවය.

“විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ස්ටාර්ලින්ක් ආයතනයෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා තිබෙනවා.”

“මේ ඉල්ලුම් පත්‍රය අපි සලකලා බලනවා. මොකද මේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබා දෙන එකට අදාළ නීති රෙගුලාසි මොකුත් නැහැ. නීතියකුත් නැහැ, ගාස්තු අය කිරිමේ ක්‍රමවේදයකුත් නැහැ. මේක ප්‍රථම වතාවට අපිට එන නිසා.”

“ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේදය ගැන අධ්‍යනයක් කරනවා. ඒ වෙනුවෙන් අපිට ලෝක බැංකුව වගේම ජාත්‍යන්තර ටෙලිකොම් සංගමයෙන්.”

“ඒ අයගේ උපකාරයෙන් රෙගුලාසි ටික හැදුවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම අවශ්‍ය අවසරය ලබා දෙන්න ඔවුන්ට.” අමාත්‍යවරයා පැවසුවේය.

(උපුටා ගැනීම – BBC සිංහල සේවය )



Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

විකල්ප නැති විපක්ෂ, ඡන්ද ඉල්ලන රටේ දින්නත් දිනන, පැරදුනත් දිනන රනිල් – (ඥානසිරි කොත්තිගොඩ)

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.

මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා.

ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව හදන්නේ ධනපතියන් මිස නිර්ධනීන් නෙමේ.

“ව්‍යවස්ථාව යනු ජනතාව එකඟවන මූලික සමාජ ගිවිසුමයි. එය තිබෙන්නේ ජනතාවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීමටය.” කෙටියෙන් කිව්වොත් මේ තමයි ව්‍යවස්ථාව පිළිබදව අපට උගන්වල තියෙන විදිය. නමුත් දකුණේ 71දීත්, 88-89 දීත් කැරලිකරුවන් අනීතිකව මරා දැමූ ආණ්ඩුත්, උතුරේ වර්ග සංහාරයක් කරපු ආණ්ඩුත් ඒ අපරාධ කරන්න වරම ගත්තෙත්, ජනතාවගෙන් ආරක්ෂා වෙලා ඉන්නේත් මේ ව්‍යවස්ථාවේ මහිමයෙන්. 

ඊට අමතරව 77 දී එජාප ජයග්‍රහණය සමරමින් සිදුකළ මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ පිළිබදව සොයා බලන්න පත්කළ සන්සෝනි කොමිසමේ සිට පාස්කු කොමිසම දක්වා වූ කොමිසම් වලින් චූදිතයන් බවට පත් වූවන් දණ්ඩ මුක්තිය ලබා තිබෙන්නෙත් මේ ව්‍යවස්ථාවේ විවිධ පනත්වල ආධාරයෙන්. ඒ නිසා ව්‍යවස්ථාව පිළිබද අපට උගන්වල තියෙන විදියත් එය භාවිතාවන විදියත් අතර බරපතල පරස්පරතාවයක් තිබෙනවා නේද කියලා මේ කරුණු ටිකෙන් වුනත් පෙනෙනවා.

අපි තවත් එහාට ගිහිල්ලා ගෝලීය වශයෙන් විමසා බැලුවත් දකින්න ලැබෙන්නේ මේ පින්තූරයම තමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමීකම් මණ්ඩලය. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය මේවා තියෙන්නේ ඇම‍රිකාව හා එයට නතු බටහිර රටවල ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්න. එයට යටත් නොවන පාලකයන් රාජ්‍යයන් යටත් කර ගන්න. බිය වද්දන්න. 

ඒ ආධිපත්‍යයට යටත් රාජ්‍යයන්ට හා යටත් නොවන රාජ්‍යයන්ට මානව හිමිකම් හා සම්බාධක බලපාන්නේ වෙනස් වෙනස් ආකාරයට. සරලව කිව්වොත් ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්. රාජපක්ෂලාට තිබෙන මානව හිමිකම් චෝදනා රනිල්ට නැත්තේ ඒ නිසා. පසුගිය මැයි මාසයේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ධූර කාලය අවසන් වුණා. නමුත් ජනාධිපතිවරණයක් නොතබා දිගටම බලයේ ඉන්නේ ඔහු ඇමරිකාව හා බටහිර බලවතුන්ගේ නිර්මාණ‍යක් නිසා.

ජනාධිපති රනිලුත් එවැනි නිමාණයක්. ඒ නිසා තමයි ලංකාවේ මානව හිමිකම් සංවිධාන ක්‍රියාකාරීන්ට හා මාධ්‍ය සංවිධානවලට ජීවත්වීම සදහා මේ දවස්වල වෙනත් වෙනත් මාතෘකා, වැඩමුළු ඇමරිකන් සෙන්ටර් එකෙන් දීල තියෙන්නේ. ගාසාවල වර්ග සංහාරයක් වෙනවාද කියලා ඒ ඇත්තෝ දන්නේවත් නෑ. මාධ්‍ය වැඩමුළු වලින් තෝරාගන්නා අයට ඇමරිකානු ශිෂ්‍යත්ව දෙන්නවා. මොකටද ? නව ලිබරල්වාදයේ වටිනාකම් පිළිබද ලියන්න, කියන්න අවශ්‍ය මොළ ශෝධනයට.

මේ පසුබිමේ ඉදලා තමයි ලංකාවේ ඉදිරි මැතිවරණ දිහා අපි බලන්න ඕන. මොකද ලංකාව තියෙන්නේ ලෝක සිතියමේ ඇතුළේ මිසක් ලංකාව ඇතුළේ ලෝක සිතියම නැති නිසා. 

මේ වෙද්දී ඇමරිකාව හා එයට නතු බටහිර බලවතුන්ගේ ලෝක යුද හා ආර්ථික ආධිපත්‍ය තර්ජනයකට ලක්වෙලා ති‍යෙන්නේ. ඔවුන් ගොර්බචොෆ් ගේ පෙරෙස්ත්‍රොයිකාව හරහා පැරණි සෝවියට් දේශය බිද දැමුවා. ගොර්බචොෆ්ගේ අනුප්‍රාප්තිකයා වූ පූටින්ට විෂය බද්ධය විසින් බලකරලා තිබෙනවා තමන් ගොඩ නැගූ මැවුම්කාරයන්ටම එරෙහිව යන්න. ඒක දෛවයේ සරදමක්. 

මේ වෙද්දී අප්‍රිකානු රාජ්‍යයන් වූ බුර්කිනාෆාසෝ, නයිජර් හා මාලි කියන රාජ්‍ය යටත් කරගෙන උන්නු ඇමරිකා, ප්‍රංශ හමුදා ඒ රටවලින් පළවා හරිමින් ඉන්නේ. ඒ හිස් තැන පුරවන්න පූටින් ගේ රුසියන් හමුදා ඇතුල් වෙනවා. අවුරුද්දක් ඉක්මවා පූටින් නේටෝ එකත් එක්ක යුක්‍රේනයේ යුද්ධ කරනවා. ඇමරිකා හා බටහිර විරෝධී සියලු ගරිල්ලා සංවිධාන, රටවල් සන්නද්ධ කරනවා. ඒ තුළින් ඇමරිකා, බටහිර යුද ආධිපත්‍යය අභියෝගයට ලක්වෙනවා. යුක්‍රේන යුද්ධය මගින් රුසියන් ආර්ථිකය බිද වට්ටන්න පුලුවන් කියලා බයිඩන් හා බටහිර බලවතුන් උපකල්පනය කළත් සිද්ධ වුනේ ඒකේ විරුද්ධ පැත්ත.

යුද ආධිපත්‍ය මෙහෙම බිද වැටෙද්දී ඇමරිකානු හා බටහිර වෙළෙඳ ආධිපත්‍යය බිද දමමින් චීනය සිය අණසක ලොව පුරා පතුරවමින් ඉන්නේ. තායිවානයේ ප්‍රශ්නය මුල් කරගනිමින් ඇමරිකාව උත්සාහ කළේ කඩා වැටෙන ඇමෙරිකාවත් එක්කම නැගී එන චීනයත් විනාස කරගෙනම යන්න. නමුත් එ‍ය හොදින් තේරුම් ගත් චීනය ඉතාම සූක්ෂම විදියට හතුරා සමග ගණුදෙනුව උපායශීලීව බේරා ගත්තා කියලා තමයි පෙනෙන්නේ. ඒත් අළුයට ගිණි පුපුරු තියෙනවා.

මේ ලෝක සංදර්භය ඇතුළේ තමයි ඇමරිකාවට හා බටහිර බලවතුනට ලංකාවේ වටිනාකම දෙගුණ තෙගුණ වෙන්නේ. මාසයේ අන්තිම වෙනකොට ගෙදර තියෙන හිස් බෝතල්, පත්තර ටිකත් අපට වටිනවා වගේ. 

මේ වෙද්දී ලංකාවේ රාජ්‍ය නායකයා ඇමරිකාවට හා බටහිරට ඉතාම විශ්වාසනීය නායකයෙක්. ඉංදියාවේ බ්‍රහ්ම, සිව, විෂ්ණු කි‍යන ත්‍රිමූර්තිය වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB) හා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) කියන ත්‍රිමූර්තියෙන් තමයි රට ගොඩගන්න පුලුවන් කියන ඒකායන විශ්වාසයෙන් රාජ්‍ය පාලනය කරන කෙනෙක්. පොඩි බයිඩන් පැටියෙක්. එමනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය තව දුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑම් මිලක් ගෙවන්න ඔවුන් සැදී පැහැදී ඉන්නේ. එතැනදී ව්‍යවස්ථාව කියන එක නිකම්ම නිකං කඩදාසියක් විතරයි. වතුරෙන් ලුණු හදනවා වාගේම ලුණු දිය කරන්නෙත් වතුරෙන්.

විශේෂයෙන්ම සිය ආධිපත්‍ය බිද වැටෙන වෙලාවක කුඩා රටක හෝ රූකඩ පාලකයෙක් සිටීම ගස් නැති රටේ තුත්තිරි ගහක් ගහක් වෙනව වගේ තමයි. මැතිවරණ ගණනාවක් මුවවිට තිබෙනවා කියද්දීත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වැනි ණ‍ය වාරිකය අනුමත කරන්නේත්, ඉලෝන් මස්ක්ලා රනිල් හමුවන්නේත් මේවායේ පෙරනිමිති විදියටයි. බයිඩන්ගේ ඝෘජු නියෝජිතයන් නිසා තමයි කිසි කිල්ලක් නැතිව රනිල්, මෝදි ලංවෙලා ඉන්නේ. බ්‍රික්ස් එකේ හිටියට මෝදි චීන විරෝධියෙක්.

ජාතික මට්ටමෙන් ගත්තත් ජනාධිපති රනිල් ගෙනයන ආර්ථික, දේශපාලන, සමාජීය වැඩපිළිවෙලට විකල්ප වැඩ පිළිවෙලක් මුල් කරගත් කිසිඳු දේශපාලන බලවේගයක්, පක්ෂයක් මේ දක්වා දකුණේ නැහැ. ආණ්ඩු විරෝධී වැඩි පිරිස් බලයක් සිටිනවා යැයි පෙනෙන ජාතික ජන බලවේගයටත් (ජාජබ), සමගි ජන බලවේගයටත් (සජබ) IMF එකත් එක්ක යන ආර්ථික ගමනක් තම‍යි තියෙන්නේ. ප්‍රමාණයෙන් අඩු ජාතීන්ගේ ජාතික ප්‍රශ්නයට ඒ ජාතීන් පවා ප්‍රතික්ෂේප කරන රනිල් ගේ පළාත් සභා තොරම්බල් කරනවා හැර වෙනත් ‍යෝජනාවක් නැහැ. සුන්නද්දුලි කළ ජන ජීවිතය ගොඩ නැගීම සඳහා වූ ප්‍රායෝගික තිරසර සැලැස්මක් නැහැ. 

යුද්ධය නිසා රට ආපස්සට ගියා, යුද්ධය නිසා තමයි චෞර රාජපක්ෂ පරපුරක් හැදුනේ කියලා ඔය කවුරුත් පිළිගන්නේ නැහැ. රාජ්‍ය වියදම්වල විගණනයන් අවශ්‍යයි කියලා මරාගෙන මැරෙන කවුරුවත් යුද්ධයේ වියහියදම් ගැන විගණනයක් ඉල්ලන්නේ නැහැ. යුද අපරාධ සිදු වුනේ නැහැ කියද්දී ඔක්කොම එකට හිටගන්නේ. යුද්දෙන් පස්සේ ආරක්ෂක හමුදාවන්ට භාරදුන් සිය ඥාතීන් ඉල්ලා දවස් 2000 ඉක්ම වූ උපවාසයක නිරත අම්මලාට දෙන විසඳුම ගැන ඔක්කෝගෙම කටේ පිට්ටු. එහෙම උපවාසයක් උතුරේ තියෙනවද කියලවත් දකුණේ කිසිදු පක්ෂයක්, සංවිධානයක් හෝ මාධ්‍ය දන්නේවත් නැහැ. දෙමළ මාධ්‍යවේදීන් ඒ විස්තර හමුදාවෙන් ඉල්ලීම නිසා හිරිහැරයට පත්වීම ගැන කට ඇරපු එකම ‘ජාතික’ නායකයෙක්වත් නෑ.   

රාජ්‍ය බලය දෙන්නේ විරුද්ධවාදීන් ම‍ර්දනය කරන්නත් එක්කම තමයි කියලයි ලාල්කාන්ත කිව්වේ. ධනපතියන් බලයට ඇවිත් රාජ්‍ය ම‍ර්දන‍ය ආරම්භ කළත්, ලාල්කාන්තලා බලයට එන්නට පෙ‍ර සිටම ම‍ර්දනය කළයුතු උන්ගේ ලැයිස්තු හදා තබා ගැනීම විතරයි රාජ්‍ය මර්දනයේදී රනිල්ට වඩා තිබෙන වෙනස. මාලිමාවේ මර්දනයේ සයිස් එක රාජ්‍ය බලය නොතිබූ 88 – 89 කොහොමද කියලා මතක් කරගන්න. එතකොට හදා ගන්න පුලුවන් අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා.

“රාජපක්ෂලා මහජන මුදල් මංකොල්ල කෑවා, රනිල් ජනාධිපති වෙලා රාජපක්ෂලා ආරක්ෂා කරනවා, අපි බලයට ඇවිත් හොරා කාපු සල්ලි ආපසු ගන්නවා, හොරුන්ව හිරේ දානවා” රනිල්ගේ පාලනයට විරුද්ධව දකුණේ සිංහල පක්ෂවලට තිබෙන ප්‍රධානතම විරෝධය ඔච්චරයි. එහෙම බැලුවාම රංජන් රාමනායක කිව්වා වාගේ “මුන් ඔක්කොම එකයි මල්ලී”.

මේ යථාර්ථය තුළ ඡන්දයක් පවත්වා අත් හැර දමා යායුතු තරමේ විරුද්ධත්වයක් විරුද්ධ පක්ෂවලින් රනිල්ට ඇත්තේම නැහැ. ඊට සාපේක්ෂව විරුද්ධ පක්ෂ අතර තිබෙන්නා වූ විරුද්ධවාදීකම් උග්‍රයි. මේ තත්වය තවත් තීව්‍ර කරන්න, බෙදා වෙන් කරන්න තමයි පළමුව තියන්නේ ජනාධිපතිවරණයක් කියලා ප්‍රකාශ‍යට පත් කළේ. මහමැතිවරණය පළමුව තැබීමේ සැලසුමක් තිබුනත් එය දෙවැනි තැනට වැටෙන්න අනෙක් හේතුව තමයි රනිල් බලාපොරොත්තු වූවාට වඩා පොහොට්ටු හා විපක්ෂ මන්ත්‍රීන්ගේ සහය ජනාධිපති රනිල්ට ලැබීම.

ඒ නිසා ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ විභවතාවය වැඩියි. ජනාධිපතිවරණයක් පැවැත්වුවත් ඒක රනිල් හෝ රනිල් ගේ අනුප්‍රාප්තිකයෙක් දිනන එකක් වේවි. ඒනිසා තමයි රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියන්නේ.

ස්වාධීන, ස්වෛරී, ලෝකෙන් උතුම් රටේ දේශපාලනය තීන්දු කෙරෙන්නේ කොලොම් පුරේ හරි ජයවර්ධන පුරේ හරි කියලා හිතන්න කොයි, කොයි දේශප්‍රේමියාටත් නිදහස තියෙනවා. ඒත් ඒවා හැබැහින් සිද්ධවෙන්නේ වොෂින්ටනෙයි, දිල්ලියයි කියන විදියට. 225 ම දියවන්නාවෙන් එපිටට එලවන්න ගෝල්පේස් පිට්ටනියේ ඓතිහාසික අරගලයක් කරලා ගෙදර ගිය සටන්කාමීන් රටටම කියා දුන්නු වැදගත් පාඩමක් තිබෙනවා. එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියෙන පරාජිතයෙක් උනත් ජනාධිපති කරන්න පුළුවන් බලවතුන් තමයි රට කරවන්නේ කියන එක. දැන් දිනලා ඉන්නෙත් පැරදුනු රනිල් නේද?

ලිපිය ටිකක් දීර්ඝ වුනත් තව කාරණා දෙකක් ගැන නොකියාම බැහැ. පසුගියදා ලන්ඩනයේ පැවැති ජාජබ රැලි‍යෙන් අනතුරුව එහි නායක අනුර කුමාර දිසානායක එක්ක දිවා ආහාරය සඳහා ඇරයුමක් අපේ හිතවත් ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකු හපුආරච්ච්ට ලැබිලා තියෙනවා. ඒ ගැන හපුආරච්චි මෙහෙම කියනවා. 

“ස්ලව්” නගරයේ කුඩා “නන්දූස්” අවන්හලේ කොනක වාඩි වූ ඔහුද අපද ඒ වන විට සිටියේ වෙහෙසින් සහ කුසගින්නේය. එහෙත් ලංකාවේ මාධ්‍යකරණයේ අපගේ අතීත කතා විසින් නියෝජණය කරනු ලබන ශ්‍රි ලංකාවේ එක්තරා අවධියක දැවැන්තව සිදුවූ ජනතාවගෙන් තොරතුරු වසං කිරීම සදහා මරා දැමූ , වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු ගැන දැන ගැනීමේ උවමනාව ඒ කුස ගින්නට වැඩිය ඔහු තුල තිබූ බව මට හැඟිනි. ඒ වන විට මහජන රැළියේ ප්‍රධාන දේශණයේදීද ඔහු ඒ පිළිබඳ සදහන් කර තිබුනි,” යි කියලා.

මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් බල්ලො නාවන්න වගේ යුද්ධයට අරගෙන ගියේ අපි තමයි කියලා ජවිපෙ හිටපු නායකයෙක් වූ සෝමවංශ අමරසිංහ වරක් කිව්වා. මේ මෑතකදි අපේ අවංක ලාල් (කේ.ඩී. ලාල්කාන්ත) ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා “මේක ගහලා ඉවර කරන්න ඕන කියලා කිව්වේ ජවිපෙ අපියි, ජාතික හෙළ උරුමය විතරයි කියලා. ඒකට අවශ්‍ය මතවාදය හැදුවේ ජවිපෙ,” යි කියලා. 

මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් බල්ලො නාවන්න වගේ යුද්ධයට අරගෙන ගියේ අපි තමයි කියලා ජවිපෙ හිටපු නායකයෙක් වූ සෝමවංශ අමරසිංහ වරක් කිව්වා. මේ මෑතකදි අපේ අවංක ලාල් (කේ.ඩී. ලාල්කාන්ත) ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා “මේක ගහලා ඉවර කරන්න ඕන කියලා කිව්වේ ජවිපෙ අපියි, ජාතික හෙළ උරුමය විතරයි කියලා. ඒකට අවශ්‍ය මතවාදය හැදුවේ ජවිපෙ,” යි කියලා. 

ලාල්කාන්ත පිලිගන්නා විදියටම ඒ මාධ්‍ය භීෂණයේ පියවරුන් වූ අනුර කුමාරලා එක්ක එකට ඉන්නකොට අනුරුද්ධ ලොකු හපුආරච්චිට කුසගින්නට වඩා යුද ගින්න නොදැනුනේ මන්දැයි මට සිතුනා. මොකද අනුරුද්ධ ලංකාවේ රොයිටර් පුවත් සේවයේ හිටිය අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ දරුවන්ට පාසැල් යන්න බැරි වුනේ යුදමතවාදය හදපු බලඇණිය අනුරුද්ධට එල්ලූ කොටි ලාඩම නිසා. අදත් ඒවාට කිසිදු සාක්කියක් නැහැ. අවසානයේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ලන්ඩනයට පිටුවහල් වුනා. ඔහුත් ලාල්කාන්තලාගේ, අනුරලාගේ යුද්ධයේ වින්දිතයෙක්.

ඒ “වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු,” අනුර කුමාර හෙළි කළාද දන්නේ නැහැ.

අනෙක් කාරණාව තම‍යි ඉහත පෙන්වා දී ඇති රනිල්ලාගේ, මහින්දලාගේ හා ජාජබ අතර තිබෙන සමාන දේශපාලන ප්‍රතිපත්ති වසා දැමිම සඳහා අද ඔවුන් වපුරන කූඨ සටන්පාට. මාලිමාව වටේ ඉන්නා “මාක්ස් ලෙනින්වාදීන්” පවසන්නේ මේ ගතවෙමින් තිබෙන්නේ ප්‍රභූ ආධිපත්‍යයෙන් නි‍ර්ප්‍රභූන්ට බලය හුවමාරුවෙන නිමේෂයක්. මේක ලෝකේ පළමු වරට සිදුවන්නක්. ඒ නිසා සියලු වාදබේද පසෙකලා නිර්ප්‍රභූන් ගේ අතට බලය ගැනීම පළමුව කළ යුතුයි කියලා.

ආර්.ප්‍රේමදාස නිර්ප්‍රභූ හා පීඩිත යැයි හදුන්වන කුලයකින් රාජ්‍ය බලයට පත් වූවෙක්. ප්‍රභූන් ඔහුට අවමන් කළේ “ලැවරියා” කියලා. රාජ්‍ය බලය ලැබුනාට පස්සේ එයට එරෙහි වූ නිර්ප්‍රභූන් 60,000ක් විතර ටයර් සෑයේ ආදාහනය කළේ ලාල්කාන්ත කියන්නාක් මෙන් ලබාගත් රාජ්‍ය බලය ආරක්ෂා කරගන්න. ජර්මනියේ හිට්ලර්, රුසියාවේ ජෝෂප් ස්ටාලින් නිර්ප්‍රභූන් තමයි. රාජ්‍ය බලය එක්ක තමයි මේ කවුරුත් ප්‍රභූන් බවට පත්වෙන්නේ සහ වුනේ. ඒනිසා මේ නිර්ප්‍රභූ කතාව පීඩිතයන් ගොණාට අන්දවන දේශපාලන තක්කඩි කතාවක්. රාජ්‍ය බලයම ඊනියා නිර්ප්‍රභුන් ප්‍රභූ තලයට රූපාන්තරණය කරන කෝෂයක් කියලා ඔය මාලිමාවාදී ඇඳුරන්, ඊනියා වම්මුන් නොදන්නවා වෙන්න බැහැ.

මේ කතාවන්ට සමගාමීව මහාචාර්යවරු දෙදෙනෙක් සාකච්ඡාවකදී කියනවා රෝසා ලක්සම්බර්ග් කිව්වා වගේ ඉදිරියේදී එන්නේ සෝෂලිසම් හෝ බාබරිසම් (සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය) කියලා. ජාජබ නැතිනම් මාලිමාව ආවොත් සෝෂලිසම්, එහෙම නාවොත් බාබරිසම්. ජාජබ ‘සෝෂලිසම්’ උනේ කවද්ද කියා අනේ කවුරුහරි කියා දෙනවා නම් පිං. ලාල්කාන්ත නම් කියන්නේ එයාලා බලය අරගෙන සමාජවාදය ගොඩ නගන්න යන්නේ නැහැ කියලා. එහෙම කවුරුහරි හිතනවානම් ඒකා පල් මෝඩයෙක් කියලා. ගෙවල් අයිතිකාරයාට වඩා සුදුහුණු ගාන්නන් බලවත් කාලයක් මේක.

ලාභය සඳහා නිෂ්පාදනය මුල්කරගත් ධනපති පාලන ක්‍රමයක් තුළ ලාභ නොලැබෙනවානම් ඔවුන් නිෂ්පාදනය නවත්වනවා. එහෙම කරලා විදේශවලින් ලාබ නිෂ්පාදන ආනයනය කරලා සුළුවෙන් හෝ ලාබ ලබා ගන්නවා. ලාබරේට්ටු කඩා වැටෙනකොට කම්කරුවන්ගේ හා අවවරප්‍රසාදිත පවුල්වලට ලබාදුන් සහනාධාර, වරප්‍රසාද කප්පාදු කරනවා. එයට එරෙහිව අරගලකරන්නන් ඉතාම තිරශ්චීන ලෙස, ම්ලේච්ඡ (බාබරික්) ලෙස මර්දනය කරනවා.     

නමුත් සෝෂලිසම් නැතිනම් සමාජවාදී රාජ්‍යයක නිෂ්පාදනය සිදු කරන්නේ ලාබය සඳහා නොව මනුෂ්‍ය වර්ගයාගේ පරිභෝජනය සඳහා. මේ නිෂ්පාදනයේදී ආනයනයෙන් ලබන ලාබයට වඩා සුළු පාඩුවක් වුනත් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගනවා. පුද්ගලීකරණය කරන්නේ නැහැ.

ඒක තමා සෝෂලිසම්වල ප්‍රධානම මූලධර්මයක් වෙන්නේ. 

මෙහෙම මූලධර්මයක් මාලිමාව ක්‍රියාත්මක කරනවාද ? ඔවුන් කියන්නේ නැහැ කියලා. එහෙනම් රතු හෝ රෝස ඇඳුමෙන් සැරසිලා මාක්ස්, ලෙනින් පින්තූර ගහගෙන කැපිටලිසම් කළත්, ටයිකෝට් දාගෙන, බයිඩන් එක්ක කැපිටලිසම් කළත් එකයි. එන්නේ බාබරිසම්ම තමයි. 

බලු බෙට්ටේ කොයි කෙළවරත් එකයි.

(ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

Continue Reading

Article

ආර්.ප්‍රේමදාසගේ සිට අනුර කුමාර දිසානායක දක්වා… (අනුරුද්ධ ලොකුහපුආරච්චි)

වෘත්තීය ජීවිතය තුල මා, ලංකාවේ විධායක ජනාධිපතිවරු සිව් දෙනෙකු සමග සමීපව සේවය කල අතර ඔවුන්ගේ ජායාරූප සිය ගනන් ගෙන ඇත්තෙමි, එහෙත් කිසි දිනෙක ඔවුන් සමග එකට සිට මගේ ඡායාරූපයක් ගැනීමට පෙළඹී නැත.

එහෙත් “ජනාධිපතිවරයෙක් වීමට ප්‍රථම, පොලොවේ පය ගැසූ සැබෑ මිනිසෙකු” වන අනුර කුමාර දිසානායක සහ දැඩි මතදාරී දේශපාලන විචාරක මාධ්‍ය සගයෙකු වන උවිඳු කුරුකුලසූරිය සමග එක්ව ඡායාරූපක් ගැනීමට මට සිත් විය. 

පසුගිය සෙනසුරාදා ලංඩනයේ ජාතික ජන බලවේගයේ මහජන රැළිය නිම වී, කතා බහ කිරීමට අවශ්‍ය නිසා උවිඳු කුරුකුලසූරිය සමග තමා සමග දිවා ආහාරයට එන ලෙස අනුර කුමාර දිසානායක කල ආරධනාව මට ප්‍රතික්ශේප කල නොහැකි විය. වෘත්තීමය ජීවිතය තුල දේශපාලකයන් සමග කෑම බීම ගැනීම හෝ පුවත්පත් සාකච්ඡා අවසානයේ පවත්වන මත්පැන් සාදයන්ට සහබාගිවීමේදී ඉතා පුවේසම් වන්නට මා ලංකාවේදී මා පුරුදු වී සිටියෙමි. එසේම ඔවුන්ගේ තෑගි බෝගද කිසි දිනෙක ලබා නොගත් මට, එක එල්ලේම ප්‍රවෘත්ති ගෝලීය ප්‍රජාවට සංනිවේදනය කල මගේ වෘත්තීය මත බලපෑම් කිරීමට ලංකාවේ කිසිදු දේශපාලකයෙකුට ඉඩ නොතැබීම සදහා එම ප්‍රවේශම එකල මට අවශ්‍ය විය. එසේම ජාත්‍යන්තර ජනමාධ්‍ය වෘත්තීය සාරධර්ම තුල අපගේ පුද්ගලික දේශපාලන ආකල්ප වෘත්තීය තුලින් පිළිවිඹු නොවිය යුතු විනයක් අප පවත්වාගෙන යා යුතු විය.

අද මම වෘත්තීමය වශයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදියෙකු නොවෙමි. එම නිසා මගේ වර්තමාන ජීවිතය අතීත වෘත්තීය සාරධර්ම සමග වන සබඳතාවයක් නැති බැවින්, ලංඩනයේ ජාතික ජන බලවේගයේ මහජන රැළිය අවසානයේ එහි නායක අනුර කුමාර දිසානායක විසින් තමා සමග දිවා ආහාරය ගැනීමට එන ලෙස කල ආරාධනාව ප්‍රතික්ශේප කිරීමට, මට හේතුවක් නොවීය. මා එම මහජන රැළියට ගියේ පැරණි මාධ්‍ය සගයෙකු වන උවිඳු කුරුකුලසූරිය සමගය. උවිඳුව මුන ගැසී ලංකාවේ සිට ඔහුට දීමට ගෙන ආ මුං කැවුම් පාර්සලය දීමට රැස්වීම නිමවූ පසු අනුරට උවමනා විය. රැළියේ වේදිකාව ඉදිරියේ ජායාරූප ගනිමින් සිටි මාව හඳුනා ගත් ඔහු, රැළිය නිම වූ පසු මුන ගැසී කතා බහ කිරීම සඳහා ඔහු සමග දිවා ආහාරයට එන ලෙස ⁣අප දෙදෙනාටම ආරධනා කලේය.

“ස්ලව්” නගරයේ කුඩා “නන්දූස්” අවන්හලේ කොනක වාඩි වූ ඔහුද අපද ඒ වන විට සිටියේ වෙහෙසින් සහ කුසගින්නේය. එහෙත් ලංකාවේ මාධ්‍යකරණයේ අපගේ අතීත කතා විසින් නියෝජණය කරනු ලබන ශ්‍රි ලංකාවේ එක්තරා අවධියක දැවැන්තව සිදුවූ ජනතාවගෙන් තොරතුරු වසං කිරීම සදහා මරා දැමූ , වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු ගැන දන ගැනීමේ උවමනාව ඒ කුස ගින්නට වැඩිය ඔහු තුල තිබූ බව මට හැඟිනි. ඒ වන විට මහජන රැළියෙ ප්‍රධාන දේශණයේදීද ඔහු ඒ පිළිබඳ සදහන් කර තිබුනි.

දශක තුනකට අධික ලංකාවේ සහ විදේශ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිත කාලය පුරා, මගේ කැමරාවට හසු නොවූ දේශපාලන ජනතා අරගලයක් හෝ යුද්ධයක් හෝ දේශපාලකයෙක් නොවූ තරම්ය. එහෙත් වෘත්තීමය වශයෙන් අනුර සහ මා එකිනෙකා දැන සිටියද, පුද්ගලිකව කතාබහ කරන්නට අවස්ථාවක් අපට ඊයේ වන තුරු ලැබී නොතිබිනි. එසේම, ජනාධිපති ආර් ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වන ලංකාවේ රාජ්‍ය පාලකයින් සමීපව නිරීක්ෂණය කර තිබුනද අනුර කුමාර දිසානායකව සමීපව නිරීක්ෂණය කිරීමට ලංකාවේදි මට එතරම් අවකාශයක් ලැබී නොතිබුනි. මා ජාතික ජන බලවේගයේ ලංඩනයේ මහජන රැළියට සහභාගිවූවේ, විශේෂයෙන්ම, ලංකාවේ අනාගත පාලනය සඳහා බලය ඉල්ලන අනුර කුමාර දිසානායක නැමැත්තා කෙබඳු පුද්ගලයෙකුදැයි හඳුනා ගැනීම සඳහාය.

දර්ශන හෙට්ටිආරච්චි ප්‍රමුඛ බ්‍රිතාන්‍යයේ ජාතික ජන බලවේග සංවිධයක කමිටුව විසින් ලංඩන් ප්‍රධාන නගර සීමාවේ ඇති උප නගරයක් වන ස්ලව් ජාතික ජන බලවේගයේ මහජන රැලිය සඳහා තෝරා ගෙන තිබුනි. දුරස්ථව සිටිමින්, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිත්වය එක්තරා දුරකට බලපෑම් කල හැකි පිරිසක් සිටින බව ලංඩනයේ ප්‍රේක්ශකාගාරයේ මහජන ප්‍රශ්ණ වෙනුවෙන් වෙන්ව තිබූ කාලයේ ප්‍රශ්ණ ඇසීමට නැගී සිටි පිරිස දෙස බලන විට පෙනුනි. ප්‍රේක්ශකාගාරය තුලින් එන ඕනෑම ප්‍රශ්ණයකට පිළිතුරු දීමට හැකි මනා පූර්ව සුදානමකින් පැමිණ සිටින බව අනුර කුමාර දිසානායකගේ ශරීර ඉරියව් වලින් පෙනුන අතර සෑම ප්‍රශ්ණයකටම සෑහීමකට පත් විය හැකි පිළිතුරු ලබාදෙන්න ඔහු උත්සාහ කලේය.

“…ඔබ අද දිනයේ අප ගැන විශ්වාසය තබා මෙම අවස්ථාවට සහබාගි වෙලා තියෙනව. අප ඔබට එක සහතිකයක් දෙන්නම්, ඔබ අද අප ගැන තැබූ විශ්වාසය කුඩා බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අප පොරොන්දු වෙනව.” එසේ කියමින් තම කතාව ආරම්භ කරන විටම ඔහු තුන්දහසක පමණ බ්‍රිතාන්‍යයේ සිටින සංක්‍රමණික ප්‍රජාව සිටි එම ශාලාව තමාගේ සුවපහසු පරිසරය බවට පත් කරගත්තේය. 

තම කතාව අතර තුර ඔහුගේ දකුණු අත වරින් වර සාක්කුවට දැමූ ඔහු, කතාවේ යමක් ස්ථිර කරන විට එම අත උඩට ගනිමින් අවධාරණය ඉඟි කිරීමට යෙදුවේය. මානව චර්යා විද්‍යාවට අනුව කෙනෙකු සාක්කුවේ අතක් තබා ගෙන සිටීමින් කතා කිරීම ඔහු සැප පහසු සහ සැහැල්ලුවෙන් සිටින බවට සංඥාවකි. එය ඔහු ප්‍රේක්ශකාගාරය ඕනෑවට වඩා විධිමත් විය යුතු නැති බව යෝජනා කරමින් අවිධිමත් බව සහ පහසුව පිළිබඳ හැඟීමක් ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙයි. ඔහුට තම අදහස් ස්ථිරව සහ පැහැදිලිව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති අතර එම කාරනා දත්ත පදනම් කරගනී. ඔහු තමා වෙත ගාම්භීර බවක් ආරූඪ කිරීමට උත්සාහ නොකරන අතර ඒ වෙනුවට ප්‍රකාශණයේ නිර්ව්‍යාජ බව හඟවයි.

මහජන ප්‍රශ්ණ ඇසීමට ලබා තිබූ අවස්ථාවේදී විශාල ප්‍රශ්ණ සංඛ්‍යාවක් ප්‍රේක්ශකාගාරයෙන් යොමු වූ අතර, එම ප්‍රශ්ණ බෙහෝමයකට ඔහු පිළිතුරු දුන්නෙය. ඒ අතර සිටි තුෂී වික්‍රමනායක ලංකාවේ ඉතා දරුණු සහ බරපතල ගැටළුවක් වන ළමා අපචාර පිළිබඳ යොමු කල ප්‍රශ්ණකට පිළිතුරු දුන් ඔහු ඇය ඉදිරිපත් කල යෝජනා තම දේශපාලන ප්‍රතිපත්ති වලට ඇතුලත් කරන බව ප්‍රකාශ කළේය. 

ලංකාවේ දේශපාලනය තුල, පවතින දේශපාලන පක්ෂ අතරින් අනාගත පාලනය සඳහා ජාතික ජන බලවේගයට ඇති අයිතිය අනෙක් සියළුම දේශපාලන පක්ෂ වලට වඩා වැඩි මිසක් අඩු නොවන බව මගේ පුද්ගලික අදහසයි. පුද්ගලික අවලාද හැරුනු කොට, ජාතික ජන බලවේගයේ සහ අනුර කුමාර දිසානායකගේ දේශපාලන සතුරන් එල්ලකරන අර්ථාන්විත මතවාදී ප්‍රහාරයන් සමාජ මාධ්‍ය තුල දැකිය හැක්කේ මද වශයෙනි. ඒ වෙනුවට බොහෝ විට දැකිය හැක්කේ ව්‍යාජ නම් වලින් පෙනීසිටින අයගේ පුද්ගලික අපහාසයන්ය. දේශපාලන එදිරිවාදීන් විසින් ජනතා විමුක්ති පෙරමුනේ අතීත විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ නශ්ඨාවශේෂ වලින් නොකඩවා පහර දෙමින් ජාතික ජන බලවේගයේ නම්‍යශීලී සහ ප්‍රතිසංස්කරණවාදී ප්‍රවිශ්ඨය යටපත් කිරීමට උත්සාහ කරයි. නව ලිබරල් ප්‍රවිශ්ඨය ප්‍රතික්ශේප කරන ජනතා විමුක්ති පෙරමුනෙන් වෙන්වූ පැරණි සගයන් වන මගේ ඇතැම් මිත්‍රයන් පැරණි දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් සමග ජාතික ජන බලවේගයට ඇති රහස් එකඟතා ගැන චෝදනා වලින් ඔවුනට දමා ගසයි.

මගේ සහ අනුර කුමාර දිසානායකගේ මුන ගැසීම ගැන දැනගත් පැරණි මිත්‍රයින් කීපදෙනෙකුම විවිධ රටවල් වල සිට මට කතා කලේය. ඔවුන් පොදුවේ බලාපොරොත්තු සහගත සුබවාදී හැඟීම් ජාතික ජන බලවේගයේ දෛනික දේශපාලන ගමන පිළිබද පලකරයි. තක්කඩියන්ට සහ හොරුන්ට නතුවූ රාජ්‍ය⁣යක් තුල බලය ලබා ගැනීම සහ එම බලය තුල යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා පවතින නව ලෝක තත්වයන් සළකා බලමින් වන උපාය උපක්‍රමයන්හිදී කිහිප දෙනෙකු පුද්ගලික විවේචන වල වඩා භූමි මට්ටමේ වන පොදුජන අපේක්ෂා සහ ප්‍රාර්ථනා පිළිබද වන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. පවතින අර්බුධයට දීර්ඝකාළිණ විසඳුම් සෙවිය යුත්තේ පවතින භූමිය තුලින් වන බැවින් මගේ බොහෝ මිතුරු විවේචකයන් තම පුද්ගලික හේතුපාඨයන් පසක දමමින් සිටිති.

විප්ලවවාදී දේශපාලන අතීතයේ නශ්ඨාවශේෂ වලින් පහර කමින් වඩා පුළුල් බහුජන දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ සංකීර්ණ දේශපාලන ක්‍රියාවළියකට නායකත්වය දීමට අනුර කුමාර දිසානායකට හැකියාවක් ඇත්තේ කෙසේදයි මා තුල තිබූ අවබෝධය සනාත කරගන්නට අපගේ හමුවීම මට උපකාරී විය. අවධානය, සවන් දීම, කරුණු ගොනුකර ගැනීම සහ ප්‍රතිචාරය යන නායකයෙකු සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග ඔහු තුල දැකිය හැකි විය. යහපත් නායකයෙකු සතු විය යුතු එහෙත් ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන් තුල දැකිය නොහැකි වන්නේද මෙම ගුණාංගයන්ය. 

(අනුරුද්ධ ලොකුහපුආරච්චි)
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී

Continue Reading

Article

විප්ලවයද? ප්‍රතිසංස්කරණද? – වික්ටර් අයිවන්ගේ විග්‍රහය

ඉන්දියාව සමග සසදන විට ලංකාව සැලකිය යුත්තේ ප්‍රතිසංස්කරන භාෂාව නොදන්නා රටක් ලෙසය.සමහර විට එය ලංකාව මාක්ස් වාදය මිස ලිබරල් වාදය නොදන්නා කම නිසා ඇති තිබෙන විශේෂ තත්වයක්ද විය හැකිය.ඉංදියාව කෙරෙහිද මාක්ස්වාදය බලපෑවේය.එහෙත් ඉංදියාව කිසිවිටෙකත් ලිබරල් වාදයට තිබුණ ප්‍රමුඛත්වය අහිමි කොට එම තත්වය මාක්ස් වාදයට ලබා දුන්නේ නැත.ගාන්ධි වාදය පවා සැලකිය හැක්කේ ලිබරල් වාදයේ ඉන්දියානු අනුවාදය ලෙසය.ලාංකික දේසපාලන චින්තනය කෙරෙහි ලිබරල් බලපෑම තිබෙන්නේ ආන්‍තික තත්වයකය.මාක්ස්වාදි බලපෑම තිබෙන්නේ උපරිම මට්ටමකය.මාක්ස්වාදි මුල් පොත් සියගනක් සිංහලට පරිවර්තනය වී ඇතත් ලිබරල් වාදයේ මුල් පොත් කිසිවක් සිංහලට පරිවර්තනය වී නැත.මාක්ස්වාදි පොත් සමාජ ගත කෙරුනේද සෝවියට් අනුග්‍රහයෙන් නොමිලේ හෝ ඉතාමත් අඩු මිලකටය.මාක්ස්වාදය හා සම්ප්‍රදායික දේශීය චින්තනය එකට මිශ්‍රවී සිංහල මනස කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන චින්තන ධාරා දෙක ලෙස සැලකිය හැකිය.

නීතිය, ආණ්ඩු ක්‍රමය හා සමාජ- දේශපාලන පද්ධතිය තිබෙන නීතියට අනුකූලව වෙනස් කිරිම හෝ වැඩි දියුණු කිරීම ප්‍රතිසංස්කරණ ලෙස සැලකිය හැකි අතර ආණ්ඩු ක්‍රමය හෝ සමාජ- දේසපාලන හා ආර්ථික පද්ධතිය මහජන සහාය ඇතිව නීතියට පටහැනිව බලහත් කාරී ලෙස වෙනස් කිරීම විප්ලවය ලෙස සැලකිය හැකිය.බරපතල වැරදි සිදුවන අවස්තාවලදී ඒවා නිවරදි කිරීමෙන් තොරව එම වැරදි දීර්ග කාලීන ලෙස පවතින්නට ඉඩ හැර තිබීම හා ඒ නිසා සිදුවී තිබෙන වැරදි ගල් ගැසුණු තත්වයක තිබීම ලංකාවේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.ප්‍රතිසංස්කරන භාෂාව සැලකිව හැක්කේ රටේ දේසපාලකයින්ට පමණක් නොව උගතුන්ට සේම මහජනතාවටද නොතේරෙන හෝ අඩුවෙන් තේරෙන භාෂාවක් ලෙසය.ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටින්නන් සටන් කාමි ආකල්ප ඇති අයට පෙනෙන්නේ දූෂිත පාලක පක්ෂය සමඟ කල්ලි ගැසී ක්‍රියා කරන ද්‍රෝහින් ලෙසය.බලහත්කාරි විප්ලවයන් මෙන් නොව ප්‍රතිසංස්කරන දිනා ගත හැක්කේ ඒ සඳහා පාලක පක්ෂය පොලඹවා ගැනීමෙනි.එහෙත් එවැනි ප්‍රතිසංස්කරණ උත්සහායන් ඔවුන්ට පෙනෙන්නේ පාලක පක්ෂය අරක්ෂා කිරීමට දරන සට කපට උත්සහායන් ලෙසය.රටක් විනාශකල පාලක පක්ෂයකට ඒ රට ගොඩ දැමීම සඳහා වන අවංක වුවමනාවක් තිබිය නොහැකිය යන්න ඔවුන් දරන මතය වේ.දකුණු අප්‍රිකාවේ සුදු වර්ණ බේදවාදි පාලකයින් ලංකාවේ පාලකයින්ටත් වඩා දුෂ්ඨ හා කුරිරු කාර්‍යභාරක් ඉටු කල පාලක පක්ෂයක් ලෙස සැලකිය හැකිය.එහෙත් ඔවුන් ගේ ජනාධිපති ඩි. කලර්ක් 1963 සිට අත් අඩංගුවේ සිටි නෙල්සන් මැන්ඩෙලාව 1990 දී නිදගස් කොට වර්ණ බේදවාදි පාලනය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇතිකිරීම සඳහා මැන්ඩෙලාගේද සහාය ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරන ඇති කිරීම සඳහා ක්‍රියා කලේය. එහි අවසානයේ ප්‍රතිසංස්කරන සඳහා දොර ඇරවා ගැනීම සඳහා දොරට තට්ටුකල මැන්ඩෙලාටද ප්‍රතිසංස්කරන සදහා දොර අරින ලද ඩි කලර්ක්ටද ඔවුන් දෙදෙනා කරන ලද පරිවර්තනීය කාර්‍යභාරය වෙනුවෙන් 1993 දී නෝබේල් සාම තෑග්ග හිමි විය.එය සුද්දන්ගේ සේම බහුතර කල්ලන්ගේද වාසියට හේතුවූ දේශපාලන ගනුදෙනුවක් විය.දීර්ග කාලයක් (1936- 1975) ෆැසිස්ට් පන්නයේ ඒකාධිපති පාලනයක් ලෙස පැවති ස්පාඤ්ඤයේ ප්‍රජාතන්තවාදි පාලනයක් ඇතිවූයේද තරමක් ඊට සමාන අකාරයකටය.දීර්ග කාලින විනාශකාරි පාලනයක් පවත් වාගෙන ගිය ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆැරැන්කෝ 1975 දී මරනයට පත් විය.ඔහු වෙනුවට රජකමට පත්වුයේ ජෙනරල් ෆැරැන්කෝගේ මුණුපුරෙක් වන ජුවන් කාර්ලෝස් කුමාරයාය.ඔහු තමන්ට තමන්ට හිමි රජකමද පවත්වාගෙන යාහැකි අකාරයට ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රති සංස්කරණ වැඩ සටහනක් වෙනුවෙන් පෙනී සිටියේය.එය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ පිලිගැනීමට හේතුවීම නිසා එකසත් රාජධානියේ මෙන් විවස්තානු කූල කිරීටයක්ද සහිත ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩු ක්‍රමයක් ඇති කරගැනීමට හැකි විය.

2022 රටේ ඇතිවූ බංකොලොත් බාවය හා ඒ අශ්‍රයෙන් ඇතිවූ අරගලය ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනාගැනීමට ඉතාමත් වාසිදායක සමාජ දේසපාලන වටාපිටාවක් ඇති කලේය.ඒ නිසා ගැඹුරු ප්‍රතිසංස්කරණවලට යාමෙන් තොරව රටට එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි දේශපාලන අර්තයෙන් හිරවූ තත්වයකට රට පත්ව තිබුණි.ගෝඨාභයගෙන් පසු ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ රට මුහුණදී තිබුණු එම ස්විශේෂ තත්වය හොඳින් තේරුම් ගෙන සිටි නායකයකු විය.ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට ප්‍රධාන වැදගත් කමක් ලබා දී තිබුනද සමාජ- දේශපළන ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කිරීමේ වැදගත් කමද ඔහු පිලිගෙන තිබුණි.ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කිරීම සඳහා ඊට දොරටු විවුර්ත කිරීමේ අවශ්‍යතාව ඔහු තේරුම් ගෙන එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට එකතුවන ලෙස ඔහු විරුද්ධ පක්ෂවලට ආරාධනාකලද ඒ අවස්තාවේදී ප්‍රධාන විරුද්ධ පක්ෂ කණ්ඩායම් දෙකේ ප්‍රධාන අවධානය යොමු වී තිබුනේ බලය අල්ලා ගැනීම සදහා වන ඉක්මන් වැඩ සටහන්වලට මිස ප්‍රතිසංස්කරණ වැඩ සටහන් වලට නොවේ.අරගල කරුවන්ගේ සේම ඔවුන්ගේ අනුගාමිකයින් බවට පත්ව සිටි උගතුන්ගේද උනන්දුවට හේතුවී තිබුනේ බලය අල්ලා ගැනීමේ වැඩ සටහන් මිස ප්‍රතිසංස්කරන වැඩ සටහන් නොවේ.ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරගැනීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් කරලියට ගැනීම සඳහා ලැබුණු ඓතිහාසික අවස්තාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඒනිසා ලංකාව අසමත් විය.දැන් අපි ප්‍රධාන මැතිවරණ දෙකකට යමින් තිබෙනුයේ සමාජ දේසපාල ක්‍රමයේ ඇති කරගත යුතු ප්‍රතිසංකරන ඇති කරගැනීමෙන් තොරවය.දේසපාලන අර්තයෙන් ප්‍රමානවත් තරමකට විචක්ෂන වීමට ලංකාව සමත් වී නම් ලංකාව මේවන විට සිටිය යුතුව තිබුනේ ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීම සඳහා කල යුතුව තිබුන ප්‍රතිසංස්කරනවලින් අඩක් පමණ නිමා කොට ප්‍රධාන මැතිවරන වලින් පසුව සම්පූණ කල යුතු ප්‍රතිසංකරන පමණක් ඉතිරිවූ තත්වයකය.එ මගින් රටක් වශයෙන් ලංකාව ඇති කරගෙන තිබෙන හානියේ ප්‍රමාණය අති විශාලය.

ප්‍රතිසංස්කරන අවශ්‍යතාව තේරුම් ගත් අප කණ්ඩායමක් ඉදිරි මැතිවරන දෙකට පෙර ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීම සඳහා මහජනයාට ප්‍රයෝජනයට ගත හැකි ප්‍රතිසංස්කරන සඳහා වන “මුව දොරක්” විවුර්ත කරගැනිම සදහා වන උත්සහායක යෙදී සිටින්නේ රට ගමන් ගනිමින් තිබෙන මගෙහි යහපත් වෙනසක් ඇති කිරීමේ අරමුණෙනි.අප දිනාගැනීමට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරන මුව දොර ගැන කෙටි පැහැදිලි කිරීමක් මෙසේය.අප ඉල්ලා සිටින්නේ ලක්ෂයක් පමණ වන මහජන කණ්ඩායමකට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවය.”මහජන ප්‍රාරම්භනය” ලෙස හැඳින්විය හැකි අප යෝජනා කරන ක්‍රමයට සමාන නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදි ක්‍රමයට එකතු කර තිබෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හෙවත් මහජන කණ්ඩායමකට විවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය රටවල් 26 ක ක්‍රියාත්මක වේ. වෙනත් රටවලට අතිරේඛව ආසියානු රටවල් දෙකක් වන පිලිපීනයේ හා තායිවානයේද, ඇමරිකා එක්සත් ජනපදයේ ජන පද රාජ්‍යන් 24 කද මහජන ප්‍රාරම්භණ ක්‍රම ක්‍රියාත්මක් වේ.අප යෝජනා කර තිබෙන ක්‍රමය අනුව විසඳා ගැනීමට ප්‍රස්න තිබෙන මහජන කණ්ඩායමකට ලක්ෂයක් තරම් වන ලියා පදිංචි ජන්ද දායකයින් ගේ සහාය( අත්සන් තැබීමෙන්) ලබා ගත හැකි අවස්තාවකදී ඔවුන්ට බලපාන එම ප්‍රස්නය පිලිබඳ විග්‍රහයක් සමඟ ඔවුන් ගේ විසඳුම් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමේ අයිතිය එම මහජන කණ්ඩායමට හිමි විය යුතුය.නීතියෙන් නියම කර තිබෙන කොන්දේසිවලට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන එවැනි යෝජනාවක් කථානායක වරයා පාර්මේන්තුවේ නියාය පුස්තකයට ඇතුලත් කොට විවාදයට දින නියම කොට විවාදයට ගෙන ජන්ද විමසීමකට ලක් කල යුතුය.යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එය ආණ්ඩුව ක්‍රියාත්මක කල යුතුය.

මෙම නීතිය මහජනයට තමන් පීඩාවට පත් කිරීමට බලපා තිබෙන ප්‍රස්න හා ඒවාට තිබෙන. විසඳුම් මහජන යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලය දෙන ඒ මගින් විවස්ථාදායකයේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට මහජනයාට දායක වීමට අවකාශ ලබා දෙන වැදගත් හා බලත් නීතියක් වනවා සේම පුරවැසියන් ප්‍රචන්ඩ ක්‍රියා මාර්ගවලට තල්ලු වීම වලකා ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන බැඳීම් ශක්තිමත් කරන නීතියක් ලෙස ද සැලකිය හැකිය.මැතිවරන වලදී ජන්දය පාවිච්චි කිරීම මෙතෙක් ලංකාවේ ජනයා ඔවුන්ට තිබෙන පරමාධිපත්‍ය බලය අභ්‍යාස කල ප්‍රධාන ක්‍රමය විය.අපගේ මේ යෝජනාව නීති ගත කරගැනීමට සමත් වෙතොත් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට හා ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම මගින්ද වඩා බලවත් අකාරයකින් ඔවුන්ට හිමි පරමාධිපත්‍ය බලය අභායාස කිරීමේ හැකියාව මහජනයාට ලැබෙන්නේය.එය පරමාධිපත්‍ය බලය අබ්‍යාස කිරීමට ලැබෙන දෙවැනි ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය.වයස අවුරුදු 21 ට වැඩි ගැහැණුන්ට හා පිරිමින්ට 1931 දී සර්ව ජන ජන්ද බලය ලබාදීමෙන් රටේ ලොකු විප්ලවයක් සිදුවිය.මහජන කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය දිනා ගත හැකි නම් එය ද ලොකු විප්ලවයක් වනු නොවැලැක්විය හැකිය.

Continue Reading
Advertisement
Sports2 hours ago

ඉන්දියාවට ලකුණු 50ක සුපිරි ජයක්

Sports4 hours ago

බංග්ලාදේශයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

Hot News5 hours ago

Watch : සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

Hot News5 hours ago

අනුරාධපුර වන්දනාවේ ගිය ත්‍රීරෝද රථය බස් රථයක ගැටේ – එකම පවුලේ මව හා දියණිය අවසන් ගමන් යයි

Hot News5 hours ago

ත්‍රිකුණාමලයේ සිසුවියන් දෙදෙනෙකු දින 5ක සිට අතුරුදන්

Entertainment5 hours ago

රසිකයෙකු අවසන් ගමන් යැවීමේ සිද්ධියකට සැකපිට සුපිරි නළුවා අත්අඩංගුවට

Politics6 hours ago

අභියෝගයට බය නැති රනිල් නැවත ජනපති කරමු

Sports6 hours ago

ඉන්දු – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

World6 hours ago

ලොව ප්‍රථමවරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක් එයි

Politics6 hours ago

මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ “අයිතිය” ජනතාවට ලබාදීමයි – ජනපති

Hot News7 hours ago

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Politics7 hours ago

රනිල් එපා වූ අරුන් දිලිත්ගේ අතේ එල්ලෙයි

Politics8 hours ago

ජනපති මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බලයි

Politics8 hours ago

ආණ්ඩුවයි විපක්ෂයේ වැඩ බැරි පක්ෂයි එකතු වෙලා සක්වලට හා හුස්මට මඩ ගහනවා – සජිත්

Hot News10 hours ago

මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න පහර දුන් මැර පිරිසට වැඩ වරදී

Hot News10 hours ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics12 hours ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Politics12 hours ago

පොහොට්ටුවත් එක්ක ඉන්න බැරි නම් යන්න – නාමල්

Politics12 hours ago

වසර 30ක යුද්ධයෙන් පීඩා විඳී උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දෙනවා – ජනපති

Hot News13 hours ago

ජාතික හැඳුනුම්පතක් නැති අයට විශේෂ දැනුම්දීමක්

World14 hours ago

හජ් වන්දනාවට ගොස් මියගිය ගණන 1000 ඉක්මවයි

Hot News16 hours ago

ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශ වී 12 දෙනෙකු රෝහලේ

Hot News16 hours ago

යාපනයේදී කඩු පහක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Sports17 hours ago

කොදෙව්වන්ට කඩුළු 9ක සුපිරි ජයක්

Hot News17 hours ago

ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්

Hot News17 hours ago

මන්නාරමේ දරුණු අනතුරක් – කාන්තාවක් ජීවිතක්ෂයට

Hot News17 hours ago

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී විදුලි සේවකයෙකු ජීවිතක්ෂයට

Sports17 hours ago

තියුණු තරගයකින් පසු දකුණු අප්‍රිකාවට ලකුණු 7ක ජයක්

Sports17 hours ago

කොදෙව්වන්ට ලකුණු 129ක ඉලක්කයක්

Weather17 hours ago

ප්‍රදේශ කිහිපයකට විටින්විට වැසි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News10 hours ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics12 hours ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports1 day ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News2 days ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News2 days ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 days ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics3 days ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports3 days ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Sports4 days ago

Watch : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

Politics4 days ago

Watch : රාජ්‍ය බැංකු දෙකට කෝටි 65,000 ක පොලු තැබූ ඇමතිවරුන් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්..!

Hot News5 days ago

Watch : පිළිමතලාවෙන් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා අලය

Hot News6 days ago

Watch : ලංකාවේ ඉඳන් නිල් චිත්‍රපටි හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක හිටපු පිළියන්දල ගෙදර පොලිසිය වටලයි

Sports1 week ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 week ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 week ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 week ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 week ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 week ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News2 weeks ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports2 weeks ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News2 weeks ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics2 weeks ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics2 weeks ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports2 weeks ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics2 weeks ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment2 weeks ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News2 weeks ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News2 weeks ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News2 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News2 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Advertisement

Categories

Trending