TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වනදා සිට ආරම්භ කිරීමට අප සූදානම් වනවා. දැනට එහි ලියාපදිංචි වීමේ දී ගැටලු පවතිනවා. එම ගැටළුද ජනතාවට මෙය අලුත් අත්දැකීමක් වී ඇති නිසයි. ඒ නිසා එම ගැටලු විසඳීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටිනවා. එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම කටයුත්ත සිදු කිරීම අපගේ බලාපොරොත්තුවයි. බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීමයි. ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම රට සංවර්ධනය සඳහා ගෙන යාමට වැදගත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here