විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා තිබුණා.
මෙම කාන්තාව අධික වේගයෙන් පැමිණ ඇති අතර එහිදී ඇයට වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් වීමට ගොස් ඇති බවයි ගන්දර පොලිසිය සඳහන් කළේ.
මෙම අවස්ථාවේදී පොලිස් ත්‍රිරෝද රථයේ පැමිණි නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ තමන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණිය බවත්, ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරිනියක මෙන්ම නීතිඥවරියක බවත් පවසා ඇය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.
පසුව මෙම කාන්තාව ත්‍රිරෝද රථයේ පැමිණි කාන්තා පොලිස් සැරයන්වරියගේ පපු ප්‍රදේශයට වැළමිටෙන් පහරදී ඇති අතර, ඇය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කිරීමටද සිදුව තිබුණා.
පොලිස් නිලධාරිනියට පහරදීමේ චෝදනාව මත 31 හැවිරිදි මෙම කාන්තාව ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගෙන ද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරා.
ඇය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදි ඇයගේ මව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක් නොව විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බව අනාවරණය වී තිබෙනවා.