අවලොකෙතිෂ්වර් බෝධිසත්ව ලෙස පෙනී සිටින පුද්ගලයා අස්ගිරි විහාරයට යතුරක් පිළිගන්වයි.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් මහා නායක හිමිවරුන්ට දොස් මුරයක්.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් අස්ගිරි මහවිහාරයට අවලොකෙතිස්ත්වර නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු ගොස් ඇති බවත් එහි ඡායාරූප පෙන්වමින් ප්‍රකාශ කර සිටියේ ථෙරවාදී බුදුදහම විනාශ කරන මෙවන් විකෘති ලිංගික ආශා ඇති මානසික ආබාධ සහිත පිළිල සදහා ථෙරවාදී බුදු සසුන සුරැකීම පිණිස පෙනී සිටින මහා නාහිමිවරු ආශීර්වාද කරන්නේ නම් තරුණ හිමිවරුන් වූ අප කුමක් කරන්නද යන්නයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කිය සිටියේ පිටිදූවේ සිරිධම්ම හිමි හා උඩුවේ ධම්මාලෝක හිමියන් මහායානය බිහිවීමට හේතු වූ නොපැසුණු රා ප්‍රසිද්ධියේ අනුභව කරමින් කරනා ක්‍රියාවට මෙන්ම පසුගිය දිනවල භික්ෂූන් වහන්සේලා සිදුකළ විනය විරෝධී ක්‍රියාවලට කිසිදු විනය ක්‍රියාමාර්ගයන් උන්වහන්සේලා අනුගමනය නොකළ බවයි.
තවත් ධර්ම විකෘති කරන පිරිස් ගැන අවධාරණය කල උන්වහන්සේ හදපානාගල නිවාතාප හිමි වැනි අයගේ පැවිදි පිංකම් සදහා අනුනායක හිමිවරු සම්බන්ධ වී සසුන විනාශ කිරීමට කටයුතු කරන බවටද චෝදනා කලහ.
එමෙන්ම මහනායක හිමිවරු බුදු සසුන සුරැකීම වෙනුවට වැනසීම සිදුකරන්නේ නම් කුලය බලා පැවිදි කරන්නේ නම් නිකාය කුල භේදයෙන් තොරව භික්ෂූන් වහන්සේලාට එකතු වන ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළ සිටියහ.