නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක වැඩ බලන දිසාවිනිසුරු ලෙස මාරුකර ඇත.

පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල් යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ගැන මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක්වීමත් සමග මහේස්ත්‍රාත්වරයිගේ එම වැඩ පිළිවෙලට එරෙහිව පොලිස් නිලධාරීන් කල්ලි ගැසී සැලසුම් සහගත ලෙස අධිකරණයෙන් නොවැම්බර් 06 වන දින පිටව ගොස් ඇති බව නීතිඥ සංගමය කරුණු අනාවරණය කරයි.

එම සිද්ධියෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්තුමිය මිණ ගැසී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව පළ කර ඇති බවද නීතිඥ සංගමය සදහන් කරයි.

නුවරඑළිය නීතීඥ සංගමය නොවැම්බර් 06 වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හෙලා දකිමින් යෝජනා සම්මතයක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකර ඇත.

ඒ නුවරඑළිය නීතිඥ සංගමය වෙනුවෙන් එහි ලේකම් නීතිඥ ටී.ආදවන් මහතා සහ සභාපති නීතිඥ එන්.ටී.හේරත් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවය.

එසේ තිබියදී නුවරඑළිය මහේස්ත්‍රාක් තුමිය වන කිෂිකා කුමාරිසිරි මෙනෙවිය වෙත දඬුවම මාරුවක් ලබා දීම මඟින් අධිකරණය මහේස්ත්‍රාත්වරු හා මහාධිකරණ විනිසුරුවරු පොලිස් බලයට යටත්වන තත්ත්වයකට පත්වන ආකාරයේ තත්ත්වයක් අදාල දඬුවම් මාරුව මඟින් නිරූපණය වන බව නුවරඑළිය නීතීඥ සංගමයේ සියලුම නීතීඥවරුන් අදහස් කරන අතර, නුවර එළිය නීතිඥ සංගමයේ සියලුම නීතීඥවරුන් මෙම දඬුවම් මාරුව සම්බන්ධයෙන් අප්‍රසාදය හා කනස්සල්ල පළ කරයි.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here