ඊශ්‍රායලයේ දී මියගිය අනුලා කරුණාතිලක ගේ දේහය අද උදෑසන නවයට පමණ දළුගම ප්‍රංශ වත්ත පිහිටි ඇගේ උපන් නිවසට රැගෙන එන ලදී.
අවසන් කටයුතු හෙට සවස 4 ට දළුගම වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
දේහය භුමදානය කිරිමට නියමිත අතර මුද්‍රා තබා තිබූ දේහය ඉදිරියේ ඇගේ මව හඬා වැලපුණු අයුරු සංවේදී සිදුවීමක් විය දේහය සමඟ කිරිබත්ගොඩ පොලීසියේ නිලධාරීන්ද පැමිණ සිටිනු දක්නට ලැබිණි