

World
Watch : ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ පාර්ලිමේන්තුව අල්ලයි
World
දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මුදාගැනේ

දින 17ක් පුරා උමං මාර්ගයේ සිරවූ කම්කරුවන්ගෙන් පළමු කම්කරුවා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත.
උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ.
පසුගිය නොවැම්බර් මස 12 වැනිදා Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටු විය.
World
ඊශ්‍රායල – හමාස් සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර තිබෙනවා.
සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.
සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.
World
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

මනාලයෙකු විසින් සිය මංගල දිනයේ දී ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද සියදිවි හානි කර ගැනීමේ පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙනවා.
තායිලන්තයේ පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු වන 29 හැවිරිදි Chaturong Suksuk නම් ක්‍රීඩකයා මෙලෙස වෙඩි තබා ඇත්තේ සිය මනාලියට, ඇයගේ මවට, සහෝදරියට සහ තවත් පුද්ගලයෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු මංගල උත්සවයේ අමුත්තන් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති බව සඳහන් වෙනවා.
කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මනාලයා හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන විත් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?