

Hot News
Watch : උද්ඝෝෂණය මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි, හාමුදුරුවන්ට හොඳටම තරහා යයි
පලස්තීන, ඊශ්‍රායල් යුද්ධය නවත්වන ලෙස ඉල්ලා බෞද්ධ සම්මේලනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
මුස්ලිම් සංවිධානයක් සහ බෞද්ධ භික්ෂූන් භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙහිදී විරෝධතාවයේ නිරත වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු සම සබාපති M.මෞලානා,
ලෝක සාමය උදෙසා මෙම විරෝධතාව සිදුකරන බවයි ඔවුන් පැවසුවේ යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කළ යුතු බවයි ඔවුන් අවධාරණය කළේ.
මෙහිදී අදහස් දැක්වූ අහුන්ගල්ලේ ජිනරතන හිමි,
යුද්ධයෙන් දරුවන් මිය යන බවත් මෙම යුද්ධය නවත්වන ලෙස බල කිරීමට බෞද්ධ මහා සම්මේලනයේ ස්වාමීන් වහන්සේලා සමඟ සාමය වෙනුවෙන් දෙගොල්ලම කැප වෙන්න කියලා තමයි අපි අවධාරණය කරන්නේ.බෞද්ධ මහා සම්මේලනය සම්මේලනයට ඉදිරිපිට මහා සංඝරත්නය වැඩම කළේ සාමය ඇති කිරීමට බවත් ත්‍රස්තවාදය වැපිරීමට නොවන බවත් මෙහිදී කියා සිටියා.
මෙම අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම ස්ථානයේ පලස්තීනයට සහය දැක්වීමට උද්ඝෝෂණයක් පැවැත්වුවත් මෙම ස්ථානයේ වෙනත් අරමුණකින් කටයුතු කළ පිරිසක් සිටි නිසා එම ස්ථානයෙන් ඉවත් උන බවයි.
තමන් වහන්සේලා පැමිණුනේ පලස්තීනයට සහයෝගය දැක්වීමට සාමය වෙනුවෙන් බවත් යම් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොවන බවත් පැහැදිලි කළා.
මේ ස්ථානයේ සූදානම් කළේ යුද්ධයෙන් සාමය ඇති කරන්න පණිවිඩය දෙන්න නමුත් උපක්‍රමිකව මුස්ලිම් ඇත්තෝ මෙතන ආක්‍රමණය කරලා ඊශ්‍රායලයට එරෙහි විරෝධතාවක් බවට පත් කළා.
පසුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියා.
ඒ අනුව එම ස්ථානයේ සිටි මුස්ලිම් පිරිසට ද පිරිසටද එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙසයි මහා සංඝරත්නය දැනුම් දුන්නේ.
බෙංගමුවේ නාලක හිමියන් සහ මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් පිරිසක්ද එක්ව සිටියා.
Hot News
Watch : සාක්ෂියක් ඉතිරි කර 24 හැවිරිදි තරුණියක් අතුරුදන්

අවුරුදු 24 ක් වයසැති තරුණ කාන්තාවක් අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව වැලිපැන්න පොලිසිය පවසයි .
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි දැරියගේ පියා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හිජ්රා මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණියක මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කීය.
තරුණිය ඊයේ රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
අතුරුදන්ව තරුණියගේ බවට හදුනාගෙන බවට හදුනාගෙන සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වති.
(සම්පත් කුලරත්න – කළුතර)
Hot News
දිවුලපිටිය නගරයේ දී නීතිවිරෝධී දුම්වැටි 600ක් අත්අඩංගුවට

දිවුලපිටිය පොලිස් ස්ථානය දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත නීතිවිරෝධී දුම්වැටි 600 ක් ප්‍රවාන කර පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරිම සඳහා රැගෙන ගිය බව පොලිසියට පවසා ඇත.
මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය කර ඇති බවත් සහ මෙම සැකකරු දිවුලපිටිය බලගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු සහ නීති විරෝධී දුම්වැටි 600 මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිසිය පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)
Hot News
රෝහල් 40 ක් වැහිලා. තවත් 100 වැසී යාමට ආසන්නයි

දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇති බවත්, තවත් රෝහල් 100 ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවත් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
අදාළ රෝහල් වලට කඩිනමින් වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කර රෝගී ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ උපදෙස් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක රැසක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල රෝහල් මෙසේ වැසී යාමට ආසන්නව පවතින බවයි. වෛද්‍යවරුන් විදේශගත වීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැරයාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගතවූ මාස 10 තුළ, විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් හා සාමාන්‍ය වෛද්‍යවරුන් 1000 ක් රට හැරගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් පවසනවා.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News2 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News4 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?