පොලොන්නරුව විජිත ජාතික පාසලේ 10 වසරේ අධයාපනය ලබන සිසුවියකට ගුරුවරයකු හිසට පහරදීමෙන් එම සිසුවිය පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පො/ විජිත මහා විදයාලයේ (ජාතික පාසල) 10 වසරේ අධයාපනය ලබන සිසුවියකට විදයාලයේ ගුරුවරයකු පහරදීමෙන් එම සිසුවිය ඊයේ දහවල් පුලස්තිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය අද උදෑසන පොලොන්නරුව මහ රොහල කරා මාරුකර යවා ඇත.
එම සිසුවිය පවසන පරිදි ඊයේ උදෑසන වෙනත් විෂයක් සඳහා පන්තියෙන් එළියට ගොස් නැවත පන්තියට පැමිණෙන අවස්ථාවේදී එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණිම නිසා එම ගුරුවරයා එම සිසුවියගේ කම්මුල පෙදෙසට හා හිස පෙදෙසට පහර දුන් බව ප්‍රකාශ කරයි.
ඇය එම පහර දීම ඉවසාගත නොහැකිව පන්තියෙන් එළියට දුවගොස් බේරී ඇති අතර ඉන්පසු ඇයට කලාන්තය ගතියක් හා වමනය යෑම නිසා පන්තිභාර ගුරුතුමිය විසින් නිවැසියන්ට දැනුම් දී එම දරුවා රෝහල්ගත කර ඇත.
අංක 92. BOP 400 පුලස්තිගම යනලිපිනයේ පදිංචි මෙම දරුවාගේ දෙමාපියන් ගොවිතැන් කටයුතුකර ජිවත්වේ.
ඇයගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිගම පොලිස් ස්ථානයේ පැමිනිල්ලක්ද කර ඇති අතර දැරිය පුලස්තිගම රෝහලෙන් අද උදෑසන පොලොන්නරුව මහාරෝහලට මාරුකර ඇති අතර පහරදුන් ගුරුවරයා තවමත් නිදැල්ලේ සිටින අතර පුලස්තිගම පොලිසියේ නිලධාරීන් පරික්ෂණ කටයුතු ආරම්භ කරයි .
(උපුල් ශාන්ත පොළොන්නරුව)