අද (25) පෙරවරුවේ දී අනතුරකට ලක්ව මියගිය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන් මුණගැසී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

“ඇත්ත වශයෙන්ම අපේ හිතවත් ඇමතිතුමාගේ අභාවය ගැන අපි සම්පූර්ණයෙන් ම ශෝකප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම පක්ෂයේ හැම කටයුත්තක දී , පළාතේ කටයුතුවල දී ඉස්සරහට ඇවිල්ලා වැඩ කරපු ඇමතිවරයෙක්. ඉතින් ඒ ඇමතිවරයාගේ අභාවය රටටත්, ජාතියටත්, පක්ෂයටත් විශාල පාඩුවක් වශයෙන් දකිනවා.”බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here