පිටකොටුවේ බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පැමිණි පොලිසීය ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත ආපසු හැරී ගොස් තිබෙනවා.
පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට පොලිසීය පැමිණි අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව පොලිසීය තාවකාලිකව කඩ ඉවත් කිරීම නතර කරනු ලැබුවා.
(නිරෝෂන්-කොළඹ)