සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද එසේ නොමැති නම් ගුරු හිඟය, සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩ නැගීමටද කියා සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (31) දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here