පොළොන්නරුව උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, 28 වෙනිදා පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, පොළොන්නරුව උණගලාවෙහෙර සහ කොළඹ, ඕලන්දගම හැඳලවත්තල ප්‍රදේශයේ පදිංචි,වයස අවුරුදු 23 සහ 32 වයසේ දෙදෙනකු බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක, ආර්.එම්.පී ජයකැලුම් මහතා සඳහන් කළේය.

ඕලන්දකම හැඳලවත්තල පදිංචි සැකකරු කරණවෑමියෙකු වන අතර අනිත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් වැරදිකරුවෙකු  වූ අයෙකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙම සැකකරුවන් සතුව තිබූ උදළු එකක්, අලවංගු එකක්, පස් ගන්නා තාච්චි, පස් බාල්දි සවල්, අත්සවල්, යකඩ කටු, ස්කෑන් මැෂින් එකක්, යතුරුපැදියක්, සහ කැනීම් කිරීමට උපයෝග කරගත් තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවද අරල ගංවල විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් උපකරණ සමග සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව පොලිසියට භාරදී ඇති අතර ඔවුන් හෙට 29 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

 (මනම්පිටිය නිමල් ජයරත්න)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here