මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා මීගමුව කොට්ඨාසය තුළ කසිප්පු, මත්ද්‍රව්‍ය, බලපත්‍ර නොමැතිව වැලි මැටි කැපීම, වැනි දේවල් පොලිස් අධිකාරිගේ මෙහෙයවීමෙන් මෙම සියල්ල නතර කෙරුණු බව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා අද දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවා.
නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙක් වන රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්දික අනුරුද්ද මහතා මැයි පළවෙනිදා දිවුලපිටිය ප්‍රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවන්ට පොරොන්දු වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව මාරු කරන ලෙසයි.
මෙම මාරු කිරීමට හේතුව වී ඇත්තේ මීගමුව දිවුලපිටිය බඩල්ගම යන ප්‍රදේශවල කසිප්පු සහ මත්ද්‍රව්‍ය නැවැත්වූ නිසා බවයි හසිත විජයසිංහ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාව දී සඳහන් කරේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය ඉස්සරහට පැමිණ මත්ද්‍රව්‍ය නවත්වන බවට කියා දෙන පොරොන්දු බොරු කතාවක්ද යන්න විපක්ෂ නායක මාධ්‍ය සාකච්ඡාවලදී අනාවරණය කරන ලදී.
පොලිස් නිලධාරියෙක්ට කොන්දක් කෙලින් තියාගෙන හරියට රාජකාරිය කරන්න බැරි වෙන්නේ මේ වගේ රාජ්‍ය අමාත්‍යවරු ඉන්න නිසා බව මාධ්‍ය සාකච්ඡාවේදී පවසයි.
මිනුවන්ගොඩ දමිත් තිසර