කළුතර කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ ඊයේ (14) පස්වරුවේ දිය නැමට ගිය 15 සහ16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැව්රිදි සිසුවෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි (15) , දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී කිවිදු සත්සර (17) සහ දොඩංගොඩ රතුකුරුස නිවාස හී පදිංචිව සිටී සුභානී සුපේසලා (16) නැමැති අයවලුන් බව පොලිසිය කිය. මියගොස් ඇති සිසුවියන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටීමට නියමිතව සිටින අයවලුන් බවද පැවසේ.

මියගොස් ඇති සිසුවා මියගොස් ඇති එක් සිසුවියකගේ පෙම්වතා බවත්, ඇයගේ මවගේ උපන් දිනය නිමිත්තෙන් විනෝදයට දියනාමින් සිටියදී මෙලෙස දියේගිලී ඇති බවත් සදහන් වේ.

ඔවුන් පළමු කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර මියගොස් ඇති එක් සිසුවියකගේ ඉල්ලිම මත කළුගගේ කලපුවට දියනැමට පැමිණ ඇති බවද සදහන් වේ.

දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති මොහොතේ උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටී බෝට්ටු සහ ජෙට්ස්කි කිහිපයක් අතර, ජෙට්ස්කි වලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

එක් සිසුවියකගේ මවගේ උපන්දිනය ඊයේ දිනට යෙදී ඇති බවත් , පිරිසඑහි සතුට සැමරීමට ගොස් සිට ඇති බවද සඳහන් වේ.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here