Local
Watch : කළුතර ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක්ගේ ගෙදර කසිප්පු පෙරලා

ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකරයක් සකස්කර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය එම පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සමත්ව ඇත .
මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 42 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු එම පක්ෂයෙන්ම කොට්ඨාස අපේක්ෂක ලෙසින් නාමයෝජනා භාරදී ඇති බවත් පොලිසිය කීය.
කළුතර ප්‍රධාන පාසලක් ආසන්නයේ ගාලුපාරට මුහුනලා පිහිටි නිවස රුපියල් 30,000 කට මාසික කුලියට ලබාගෙන ත්‍රීරෝද යතුරුපැදි අළුත්වැඩියා කිරීම සහ පින්තාරු කිරිම ඇතුළු සේවාවන් සිදුකරන මුවාවෙන් ජාවාරම කරගෙන ගොස් ඇති බවද පොලිසිය කීය.
පොලිසියට සැකසිතී පරීක්ෂා කිරීමට පැමිණීමේදී ඉබි යතුරු දමා තිබූ දොරවල් කඩා පරීක්ෂා කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දගර , ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ .
පිටතට ගද නොඑන ආකාරයට කාමරයේ සිමෙන්ති පොලව කඩා ඇතුල්කල බටයකින් නිවසින් පිටත පිහිටි වැසිකිලි වලකට යොමු කර ඇති බවද නිරීක්ෂණය වූ බව පොලිසිය කීය.
මෙම ස්ථානය නිෂ්පාදනය කරන මත්පැන් කළුතර, පොතුපිටිය ,ගල්පාත, වාද්දුව ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හැර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් කොස්තාපල් වරුන්වන තිලකරත්න (94014), අජිත් (88148), ප්‍රසාද් (27731), ජයවර්ධන (102938), මධුවන්ත (104672) සහ ඩිලයි ( 103405 ) වැටලීමට එක්වූහ .
(කළුතර සම්පත් කුලරත්න)
Hot News
දඩ මුදල් තවත් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Hot News
කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක්ගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත් කොට නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර මෙම වැඩබිමේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයෙක් මතට 06 දින දහවල් 12 ට පමණ මෙම බැම්ම සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව සඳහන් වන අතර එම වැඩ බිමේ සේවයේ නිරතව සිටි අනෙක් පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් ගත කළද ඒ වන විටද අදාළ පුද්ගලයා මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙසේ අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත්ව ඇත්තේ පරණ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි රංජිත් අබේරත්න නම් පුද්ගලයෙක් බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුගන්නාව පොලිසිය පවසයි.
(කේ.එල්. සුරවීර මහනුවර)
Hot News
හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණ අතර ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
-
Sports4 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World3 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News5 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News2 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News5 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 hours ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්
-
World3 days ago
පිලිපීනයේ දේව මෙහෙයක් අතරතුර පිපිරීමක් – 3 දෙනෙක් ජීවිතක්ෂයට