පින්වත්ත , වාද්දුව බණ්ඩාරගම, මතුගම ඇතුළු පොලිස් වසම් රැසක කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල යතුරුපැදි වලින් ගොස් කොල්ලකෑ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , දෙහිවල වෑකඩ, පින්වත්ත සහ පිංවල ප්‍රදේශයේ පදිංචි 28,30,35,39 සහ 53;වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.
කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරක් මත පින්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලා පලාගොස් සිටී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කල දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු අනෙක් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන කොල්ලකෑම් සදහා යොදාගත් යතුරුපැදි දෙකක් සොයාගත් බවද පොලිසිය කීය.
සැකකරුවන් විසින් ඔවුන්ගේ හිතවතුන් ගෙන් ගමන් බිමන් යාමට අවශ්‍ය බව පවසා ඔවුන්ගෙන් ඉල්ලා ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් සන්තකයේ තිබී විවිධ ස්ථානවලට අඩු මුදලට විකුණා තිබියදී ගෙලබැදි රන්මාල 4 ක් පෙන්ඩනයක් උණු කරන ලද රන්මාල සොයාගත් බව පොලිසිය කීය.මෙම රන්මාල වල වටිනාකම ලක්ෂ විස්සකට ආසන්න වේ.
කොළ ගෑම සඳහා භාවිතා කළ යතුරු පැදි හිස් ආවරණ දෙකක්ද තොරතුරු සන්නිවේදනය කළ ජංගම දුරකථන තුනක්ද තුනක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මොවුන් මෙම කොල්ලකෑම සඳහා ප්‍රධාන මාර්ග වල ලුහුබඳින ආකාරය මෙන්ම රන්මාල කොල්ලකා පලා යන ආකාරය cctv කැමරාවල සටහන්ව තිබුණි.
සැකකරුවන් කළුතර සහ පානදුර මහේස්ත්‍රාත් අධ්කරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
(සම්පත් කුලරත්න – කළුතර)