Local
Watch : කෝවිල් 21ක් මංකොල්ලකාපු සැකකරු පොලිසියට කොටුවෙයි

මධ්‍යම හා ඌව පළාතට අයත් හින්දු කෝවිල් 21ක් බිද රන් ආභරණ හා පිං කැට මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු (22) දින අත්අඩංගුවට ගෙන (23) නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මහත්මිය නියෝග කළ බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්.එස්.රාජසිංහ මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වත්ත බොරගස් ලිපිනයෙහි පදිංචි (අවුරුදු – 43) මුත්තුසාමි රගුනාදන් නොහොත් රවී නම් පුද්ගලයෙකු බවද එතම පැවසීය.
වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය පොලිසිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්.රාජසිංහ මහතා මෙසේද කීය.
සැකකරු සමග සොරකම් කරන ලද රන් භාන්ඩ මිලදී ගත් තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන සෙන්තමිල් සෙල්වම් රොෂාන් (අවුරුදු : 32) සහ වඩිවේලු දිනේෂ් කුමාර් (අවුරුදු : 33 ) යන පුද්ගලයන් දෙදෙනෙකුද අධිකරණය වෙත ඉදිපත් කලා.
සෙන්තමිල් සෙල්වම් රොෂාන් යන පුද්ගලයා කෝවින් භාන්ඩ බව නොදැනුවත්ව සොරකම් කරන ලද රන් භාණ්ඩ මිදදී ගෙන ඇති නමුත් අවසානයේදී ලබාගත් භාන්ඩ නැවත පොලිසියට භාර දීමට හා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහයෝගය දැක්වූවා.
වඩිවේලු දිනෙෂ් කුමාර් යන අය හොරකම් කරන ලද රන් භාණ්ඩ අඩු වටිනාකමකට මිලදී ගෙන ඇති බවට ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
ප්‍රධාන සැකකරුගෙන් රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනාට ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කල අතර නොවැම්බර් 03 දින නඩු සඳහා පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබුවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වන මාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ත්‍යාගරාජා , පොලිස් සැරයන් 40422 ජයතිලක , පොලිස් සැරයන් 6043 වීරසිංහ , පොලිස් කොස්තාපල් 60326 හේරත් , පොලිස් කොස්තාපල් 38721 කුමාරසිංහ , කාන්තා පොලිස් කොස්තාපල් 12991 පූර්ණිමා ඇතුළු කණ්ඩායම කටයුතු කරා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අතිශයින්ම සූක්ෂම ක්‍රමවේදයක් භාවිතා කල අතර තවත් එවැනිම සුරකම් සිද්ධීන් කීපයක සැකකරුවන් සොයා විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බැවින් එම සූක්ෂම ක්‍රමවේදය පිළිබඳව අපට ප්‍රසිද්ධියේ සඳහන් කරන්නට බැහැ.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් අප ප්‍රශ්න කිරීමේදි ඔහු සිය පාපොච්චාරණයේදී සඳහන් කරේ අමුතුම කතාවක් ඒ තමයි තමන් මත්ද්‍රව්‍ය පානය කරීමෙන් පසුව නිරන්තරයෙන් ම සිත් පහළ වන්නේ කෝවිලක් කඩා සොරකම් කිරීමට කියලා.
සැකකරු කියපු ඊළඟ විශේෂම දේ තමයි ඕනෑම කෝවිලක් කැඩා සොරකම් කිරීමට පෙර දෙවියන් වැඳ සමාව අයදිමින් අනතුරුව දේව ආභරණවලට සහ පිං කැටයට අත තබනවා.
වසරක කාලයක් ඇතුළත හින්දු කෝවිල් විසි එකක් කඩා ලබාගත් මුදල් ජීවත්වීම සඳහා උපයෝගී කර ගත් බවත් සොරකම් කරන ලද රන් ආභරණ නුවරඑළිය හැටන් හා තලවකැලේ ප්‍රදේශයන්හි රන් ආභරණ සකසන ස්ථාන වලට අලෙවි කළ බවත් පිළිගත් බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියි.
සැකකරු විසින් රන් ආභරණ අලෙවි කළා යයි පවසන රන් ආභරණ සකසන වෙළඳසැල් හිමිකරුවන් ගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද රන් ආභරණ සැකකරු විසින් රන් ආභරණ සකසන ස්ථාන වලට අලෙවි කර ඇත්තේ තමන් වතුවලින් කැඩුණු බිඳුණ රන් ආභරණ එකතු කෙරෙන මුදලාලි කෙනෙකු බව පවසමිනි.
තවද හින්දු දේවස්ථාන වලින් සොරකම් කරන ලද රන් ආභරණ සියල්ලම රන් ආභරණ සකසන ස්ථානයන් වලට ගෙන දී ඇත්තේ සැකකරු විසින් ම තලා පොඩිකර එය වතු ප්‍රදේශ වලින් එකතු කරන ලද කැඩුණු තැලුණු රන් ආභරණ බව ඔප්පු කිරීමට හැකිවන පරිද්දෙනි.
අත්තඩංගුවට පත් සැකකරු තලවාකැලේ , රාගල , හයිෆොරස්ට් , ලිදුල , හැටන් , බගවන්තලාව , නානුඔය , උඩපුස්සැල්ලාව , වැලිමඩ , කැප්පෙටිපොළ , මාතලේ , ගම්පොළ සහ නාවලපිටිය යන පොලිස් බල ප්‍ප්‍රදේශවලට අයත් හින්දු කෝවිල් 21ක් කඩා සොරකම් සිදුකර ඇති අතර එකම කෝවිල දෙවතාවක් තුන්වතාවක් කඩා සොරකම් කල අවස්ථාවන්ද ඇති බව පොලිසිය කියයි.
කෝවිල් කඩා සොරකම් සිදු කිරීමට අමතරව සැකකරුට එරෙහිව දුරකථන සොරකම් කිරීම් , නිවස් බිද රන් භාන්ඩ හා මුදල් සොරකම් කිරීම් , මුදක් වංචා කිරීම් ඇතුළු විවිධ අපරාධ වලට අදාල නඩු 30ට ආසන්න ප්‍රමානයකට හැටන් , වැලිමඩ , වලපනේ හා නුවරඑළිය යන අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.
සැකකරු අද (23) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී සොරකම් සිදුවුණු ප්‍රදේශයන් කිහිපයක් නියෝජනය කරන ප්‍රදේශවාසීන් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධතාවක් ද සංවිධානය කර තිබින.
එහිදී විරෝධතාකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත විශේෂ ඉල්ලීම් ලිපියක් නීතිඥවරයෙකු අඅරහා ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුට ඇප නොදී සිරගත කරන ලෙසත් ඇප ලබාදෙන කල සොරකම් සිදු වූ ප්‍රදේශවල මහජනතාව විසින් සැකකරුට පහර දීමට ඉඩකඩ ඇති බවයි.
එබැවින් මහජනතාව කුපිත වී කලහකාරී තත්වයක් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සැකකරුට නිඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසයි .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)
Hot News
සාමාන්‍ය රියැදුරු බලපත්‍රය ආබාධිතයින්ටත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.
ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
Hot News
දඹදිව ගිය ස්වාමීන් වහන්සේලාට නව දිල්ලි ගුවන් තොටුපළපලේ දී අකරතැබ්බයක්

නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ඊයේ (9) සවස 6.30 ට නියමිතව තිබූ UL 146 දරන ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානය කිසිදු දැනුම් දීමකින් තොරව සිය ගමන් වාරය නවතා තිබීම හේතුවෙන් දඹදිව සංචාරයේ නිරතවී සිටි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිටි බැතිමතුන් පිරිසක් ගුවන්තොටුපොළේ අද උදෑසනව විටත් සිරවී සිටින අතර ගුවන් යානයක් මේ දක්වා පැමිණි නැති බව එහි සිරවී සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස පවසනවා.
එහිදී ඊයේ රාත්‍රී මහා සංඝයා නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළපලේ බිම සැතපී රාත්‍රී ගතකර ඇත.
දිල්ලි ගුවන් තොටුපල නියොජිතයින් ස්වාමීන් වහන්සේලා මග හරිමින් පැය 14ක් තිස්සේ දඹදිව වන්දනා වැඩමකල ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට ප්‍රමාදයට හෝටලයක් හෝ ලබා දී නැත.
ගුවන්තොටුපළේ දී වතුර උගුරක් වත් නොදි අද උදෑසන 9.30 වන තුරු බලා සිටීමට සලස්වා ඇත.ඉන් පසු ස්වාමීන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසට හෝටලයක් ලබා දී ඇත.
අද (10) සවස 6.30ට දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානයක් ඇති බවද ඔවුන් පවසයි.
(ගල්පාත චන්දන පෙරේරා)


Hot News
Watch : BMICH එක ඉදිරිපිට තිබූ විශාල තොරණක් කඩා වැටෙයි

බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට මාර්ගයේ පාර හරහා උත්සවයක් සඳහා පාර හරහා තාවකාලිකව ඉදිකර තිබූ තොරණ කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.
බොරැල්ලේ සිට තුන්මුල්ල දක්වා වාහන ගමන් කිරීමට නොහැකිව ්වා පැය බාගෙක පමණ කාලයක් මාර්ගය අවහිර වුණා.
විශාල වශයෙන් ම වාහන ගමන් කරන මෙම මාර්ගයේ ඉරිදා දිනයක් වූ බැවින් එතරම් වාහන නොතිබීමෙන් විශාල අනතුරක් වැළකී ගියා.
අද පස්වරුවේ ඇති වූ දැඩි සුළඟත් හා වර්ෂාව සමඟ ින් මෙම තොරණ කඩා වැටුණා.
රථවාහනය රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් වැසි නොතකා එකිනෙක ගලවමින් පාරෙන් ඉවත් කොට වාහන ගමනාගමනයට ලබා දුන්නා.
(නිරෝෂන් කොළඹ)
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News17 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්