දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය බවට සදහන් කරන කාන්තාවක් නිළධාරින් සිටින ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට නාකොටික් නිළධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා.

සිද්ධියට සම්බන්ධ නිතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථ වු පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කර ඇතැයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වී විමර්ශනයක් සිදුකරනු ලබන බවටත් වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත.

නීතිඥවරිය විසින් නාකොටික් ASP ට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරථකන ඇමතුමක හඩ පටයක්ද ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here