Uncategorized
Watch : ගියවර ලෝක ශූරයින් පරාජය කල සිංහ මෙහෙයුම
Uncategorized
Watch : කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා පලායයි

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී මහ මඟ ගමන් ගන්නා කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා පලා යන අයුරු ආවේක්ෂණ කැමරාවක සටහන් වෙයි.
ඊයේ සවස වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී තම සේවය නිමා කරමින් නිවසට පැමිණෙන කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා ඇති බවට වාද්දුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක් වශයෙන් සේවය කරන මෙම කාන්තාව ඊයේ සවස නිමා කරමින් කළුතර සිට බස් රථයෙන් පැමිණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ බසයෙන් බැස ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ ඇයගේ නිවසට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් ඇයව ලුහුබැඳ ඇය සතුව තිබූ අත් බෑගය මංකොල්ලකා පලා ගොස් ඇත.
මංකොල්ලකරුවන්ගෙන් බේරීම සඳහා ඇය දැඩි උත්සාහයක් ගෙන ඇති අතර, පසුව ඇය බිම ඇද වැටෙන අයුරුද දක්නට ලැබුණි.මෙම තරුණියගේ බෑගයේ ලිය කියවිලි රැසක් ද තිබූ බවට තොරතුරු අනාවරණය වේ.
මංකොල්ලකා යන යතුරු පැදිය අල්ලා ගැනීමට ප්‍රදේශවාසියෙක්ද උත්සහ දරන අයුරු දක්නට ලැබුණි.
මෙම මංකොල්ලකෑමට සම්බන්ධ යතුරුපැදිය සහ පුද්ගලයින් සොයා වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
Uncategorized
Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාවට පක්ෂ ව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂ ව ඡන්ද ලැබුණේ එකක් පමණි.
මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ.
ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වුණා.
Uncategorized
පස් කන්දක් කඩා වැටී පැල්වත්ත පස්සර මාර්ගයේ ගමනාගමනයට බධා
පැල්වත්ත පස්සර ප්‍රධාන මාර්ගයට හිගුරුකඩුව රෝහල අසලින් විශාල පස් කන්දක් කඩා වැටී මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ.
එම පස් කන්ද කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී.
(ජයන්ත වීරසේකර -වැල්ලවාය)



-
Hot News3 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News22 hours ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News3 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News3 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World2 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News4 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News2 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News2 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්