ඉන්දියාව සමග පල්ලෙකැලේ ක්රීඩාංගණයේපැවැති තරග තුනෙන්ම අන්ත පරාජයකට පත්වූ ශ්රී ලංකා 20×20 ක්රිකට් කණ්ඩායමට එල්ල වූ දැඩි ජනතා විරෝධය හේතුවෙන් ඔවුනට දැඩි ආරක්ෂාව මධ්යයේ ක්රීඩාංගනයෙන් පිටව යෑමට සිදුවීය.                                                                   

මෙම තරගාවලියේ තෙවැනි අවසන් තරගය 31 දින පැවති අතර එම තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ඉතා පහසු ජයක් අත් කර ගැනීමට අවස්ථාව හිමිව තිබියදීත් වගකීමෙන් තොර ක්රීඩා විලාසය හේතු කොටගෙන අවමන් සහගත අන්ත පරාජයක් ලැබීමට සිදු වූ අතර මේ හේතුවෙන් තරඟය  නැරඹීමට පැමිණ සිටි ක්රීඩා ලෝලීන් දැඩි ලෙස කුපිතව ශ්රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම හූ කියමින් ක්රීඩාංගනය වෙත ප්ලාස්ටික් බෝතල් ඇතුළු වෙනත් අපද්රව්යය විසි කරමින් විරෝධය පළ කරන ආකාරය දක්නට ලැබුණි.                                                                         

කුපීතව සිටි ප්රේක්ෂකයන්ගෙන් අදහස් ලබා ගැනීමට උත්සාහ කළ මාධ්යවේදියෙකුගේ ජංගම දුරකථනය උදුරා පොළොවේ ගසා හානි කිරීමටද ප්රේක්ෂකයෝ කටයුතු කළ අතර ඔවුහු සියලු දෙනා කියා සිටියේ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකාවන් ඉන්දියානු කණ්ඩායම සමඟ ක්රීඩා කළේ නම් මීට වඩා උසස් තරගයක් දැක ගැනීමට හැකිවන බවය.                                                                                       

තරග අවසානයෙන් පසු මාධ්ය හමුවට පැමිණි කණ්ඩායම් නායක චරිත් අසලංක කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායමේ සාර්ථක වීම පිළිබඳව ක්රීඩා ලෝලීන්ට කණගාටුව පළ කරන බවය. කෙසේ වුවද ප්රේක්ෂකයන් මෙරට ක්රිකට් ක්රීඩකයන්ට හා පාලකයන්ට එරෙහිව තදින් බැණ වදිමින් ප්රකෝපාකාරීව හැසිරීම හේතුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන් නැවත හෝටලය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථයට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here