විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද (23) අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි සනත් රෝහණ සහ 17 හැවිරිදි ගගණ මධුසංඛ යන අයයි.

ඊයේ (22) දින හදිසියේ ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කාමරයක් තුළ විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර දෙදෙනා නින්දට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබඳව දන්සැල සංවිධානය කිරීමට පැමිණි පිරිසක් විසින් පුපුරැස්ස පොලීසියට දැනුම්දී තිබුණා.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වූ වායුව අග්‍රාණනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here