තබ්බෝව අභය භූමියට අයත් පුත්තලම අනුරාධපුර ප්රධාන මාරගයේ බුද්ධි දසුන්ගම ජොන්සිල්වා සමරුපලකයට පසු පස පිහිටි කැළෑව තුල සතුන් දඩයමේ ගිය පුද්ගලයකු කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දිගින් දිගටම වන සතුන් ඝාතනය කර පිට පලාත්වලට අලවි කරන ජාවාරමක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත කරුවලගස්වැව වනජීවී නිලධාරීන් සිදුකල සුක්ෂම මෙහෙයුමකින් මෙම ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි.
නවගත්තේගම රච්චිරාගම ප්රදේශයේ සිට ගවයින් බලා ගන්නා මුවාවෙන් පැමිණ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබුණේ.
මෙම පුද්ගලයා පිළිබඳ දිගින් දිගටම වනජිවී නිළධාරින්ට ජනතාවගෙන් තොරතුර ලබාදී තිබුණි.
සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඝාතනය කරන ලද මුවකුගේ මස් කිලෝ 30ක් මුවාගේ හම,අන් දෙක සහිත හිස සතුන් අල්ලා ගැනීම සඳහා භාවිතා කරන කම්බි වලින් සකසන ලද මදු 06 සන්තකයේ තිබී ඇත.
මස් රැගෙන යෑම සඳහා පැමිණි යැයි සැක කරන නවීන පන්නයේ වැන් රථයක් පිළිබඳවද වනජීවී නිළධාරීන්ට තොරතුරු ලැබී ඇත.
පැමිණ තිබූ වැන් රථයක් පලා ගොස් ඇති අතර ඒ කවුරුන්ද පිළිබඳ විමරශනයක් ආරම්භ කර ඇත.