ඊයේ රාත්‍රී 11.30ට පමණ දැදිගම ජයලත් කන්ද ප්‍රදේශයේ පිය පුතු දෙදෙනෙකු ඌරු දඩයමේ ගොස් ඇත. පියා එක් දෙසකින් ඌරන් කොටු කිරීම සඳහා ගොස් ඇති අතර පුතා තවත් දෙසකින් ගොස් ඇත.

පියා ඌරෙකු කොටුකරගෙන ඉදිරියට පැමිණ ඇත. පසුව පුතා ඌරෙකු යැයි සිතා වෙඩි තබා ඇති අතර පුතා විසින් පසුව එම ස්ථානයට ගොස් බැලීමේදී පියාට වෙඩි වැදි ඇති බව දැක ඇත.

අනතුරුව පුතා ඥාති නිවසකට ගොස් මේ බව පවසා ඇත. ඥාතියාද සමඟින් දැදිගම පොලිසිය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඉදිරිපත් වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙදරු පියකු වන 43 හැවිරිදි දැදිගම මල්මැස්ස ප්‍රදේශයේ පදිංචි W.D. සම්පත් රුවන් කුමාර නමැති පුද්ගලයායි. අත්අඩංගුවට ගත් පුතා 17වන වියේ පසුවෙයි.

සිද්ධිය සිදු වූ ස්ථානයට අද දහවල් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළා.

වැඩිදුර පරීක්ෂණ දැදිගම පොලිසිය මගින් සිදු කරයි.

(ජී.ඒ.යූ.පී.සාලිය කෑගල්ල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here