බඩල්කුඹුර මොණරාගල ප්‍රධාන මාර්ගයේ බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්ලබ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු හතලිස් එකක කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ත්‍රීරෝද රථයේ සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර කලුගහවාඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනතුරින් තුවාල ලැබූ අනෙක් දෙදෙනා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here