වසර 20 ක් පමණ කාලයක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහැර මංගල්‍යයට සුවිශේෂි දායකත්වය ලබාදෙමින් ඇසළ පෙරහර කරඬුව වැඩමවීමේ දුර්ලභ භාග්යය උදාකර ගත් නැදුන්ගමුවේ රාජා ඇත් රජුගේ හස්තිපාලක වශයෙන් වශයෙන් කටයුතු කළ කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු මහතාගේ සේවය අගයා මාසික විශ්‍රාම වැටුපක් ලබා දීමට දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් මත දළදා මාලිගා ඇත් ගාල කටයුතු කොට තිබේ.                                                                                                                       

විල්සන් කොඩිතුවක්කු මහතාට විශ්රාම වැටුප් හිමිකම ලබාදීම මෙන්ම දළදා පෙරහර සඳහා සහභාගී වන හස්ති පාලකවරුන් හට රක්ෂණාවරණයක් ලබාදීම සහ නැදුන්ගමුවේ රාජා ඇත් රජුගේ හිමිකරුවූ හර්ෂ ධර්මවිජය වෙද මහතා ඇගයීමද 04 දින දළදා මාළිගා රන් ආයුධ මණ්ඩපයේ පැවති උත්සවයකදී සිදුවූහ.                                         

මේ වන විට 77 වන වියේ පසුවන වසර 45 ක පමණ කාලයක් හස්ති පාලක රැකියාවේ නිරතව ඇති කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු මහතා වසර 20 කට අධික කාලයක් නැදුන්ගමුවේ රාජා ඇත් රජුගේ පාලක වශයෙන්  කටයුතු කොට ඇත් රජුගේ මරණයෙන් පසු මේ වන විට තම නිවසේ විශ්‍රාම සුවයෙන් කල් ගත කරන බව මෙහිදී සඳහන් වූ අතර මෙම විශ්රාම වැටුප තමාට ඉමහත් අස්වැසිල්ලක් බව හෙතෙම මෙහිදී පැවසීය.                                                                                          

මීට අමතරව අලි ඇතුන් පිළිබඳව අන්තර්ජාල වෙබ් අඩවි හා මුහුණු පොතේ පිටු පවත්වාගෙන යන සමාජ ක්‍රියාකාරීන් 50 ක් පමණ දැනුවත් කිරීමද මෙහිදී සිදු වූ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී  සඳහන් කළේ මෙරට දළදා පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමට උත්සහ කරන ඊනියා සත්ව අවිහිංසාවාදීන් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.                                                                                                                        

දළදා පෙරහරට දිගු කළක් සම්බන්ධව මේ වන විට වයෝවෘධව සිටින හස්ති පාලක වරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීම පිළිබඳ මෙහිදී අදහස් පළ වූ අතරමෙම අවස්ථාවට දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිසාන්ත හිස්සැල්ල, දළදා මාලිගා ඇත් පන්තිය භාරකරු ප්‍රදීප් මියනපලාව යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here