හැවිරිදි දැරියක් පැහැරගෙනයාමේ සිද්ධියක් අනුරාධපුර හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
හැවිරිදි දැරියක් පැහැරගෙනයාමේ සිද්ධියක් අනුරාධපුර හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
මෙම දැරිය පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවෙකු අනුරාධපුර දිවුල්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නමුත් ඥාතීන් පවසන්නේ පැහැරගැනුණු දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බවය.
සිය නිවසේ සිටියදී පෙරේදා අලුයම 1ට පමණ මෙම දැරිය පැහැරගෙන ගොස් තිබේ.
ඥාතීන් චෝදනා කරන්නේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් දැරිය පැහැරගෙන ඇති බවටය.
මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකරු දැරිය පැහැරගෙන යාමෙන් පසු ඇයගේ දෙමව්පියන්ට දුරකථනයෙන් අමතා දැරිය නිදහස් කිරීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැරියගේ පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි ඉල්ලා අස්කරගන්නා ලෙසයි.
ඊට අමතරව දැරිය දෙමව්පියන් ළඟ සිටින බව පොලිසියට ප්‍රකාශ ලබා දී පොලිසියට යම්කිසි පැමිණිල්ලක් කර ඇත්තේ නම් එය ද ඉල්ලා අස්කර ගත යුතු බවට ද දන්වා තිබෙනවා.
දිවුල්වැව පොලිසිය මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
(අනුරාධපුර තම්සීර්)